ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ බේබි සහ ටිල්වින් සිල්වා අතර හමුවක්

සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ (ICCR) ආරාධනයක් මත ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මහ ඇමති පින්නරායි විජයන් (Pinarayi Vijayan) අතර හමුවක් කේරළ ප්‍රාන්තයේ තිරුවානන්තපුරම් නගරයේදී ඊයේ (11) සිදුවිණා.

එමෙන්ම ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් එම්.ඒ බේබි (M.A Baby) සහ මධ්‍යම කාරක සභාවේ කිහිප දෙනෙක්ද මුණගැසී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ජනතාවගේ සුබසාධනය වෙනුවෙන්, ප්‍රාන්තයක් ලෙස කේරලයේ සිදුකර ඇති වැඩසටහන් සම්බන්ධයෙන්ද, සාක්ෂරතාව 100%ක් බවට පත්කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද, ආන්තික දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

ඉදිරියේදී ශ්‍රී ලංකාව සමග සහයෝගීතාවය වර්ධනය කරගැනීම හා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අන්‍යෝන්‍ය සංවර්ධනය ළඟා කරගත හැකි අවකාශ සම්බන්ධයෙන්ද පක්ෂ දෙක අතර සබඳතා වර්ධනය කරගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කිට්නන් සෙල්වරාජ්, කරුණාතිලන් ඉලන්කුමරන්, අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නීතිඥ ජානක අධිකාරි, ජනතා විමුක්ති පෙරමුණේ ජාත්‍යන්තර කමිටුවේ සාමාජිකා නීතිඥ කල්පනා මධුභාෂිනී සහ ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකයේ සාමාජික හේමතිලක ගමගේ යන පිරිසද සහභගි වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් යකඩ කණුවක ගැටී සිදු වූ බිහිසුණු අනතුර
00:58
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බහින්න සජබය සූදානම්
04:43
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගැන තාත්තා කිව්ව දේ.. ඔලිම්පික් රන් පදක්කමක් අපිට දැන් පේනවා
08:27
Video thumbnail
රුමේෂ් ලොව ජයගනිද්දී අම්මා, තාත්තා සහ හිතවතුන් ඒ සතුට විඳපු හැටි
02:20
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20