මඟියාගේ පා පහරින් දුම්රියෙන් ඇද වැටී දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු ජීවිතක්ෂයට

දුම්රිය මඟියෙකු එල්ල කළ පා පහරකින් දුම්රිය ආරක්ෂක නිලධාරියකු ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් පිටතට විසිවී ඇද වැටී ජීවිතක්ෂයට පත් වූ පුවතක් වේයන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

වේයන්ගොඩ සහ වදුරව දුම්රිය ස්ථානය අතර ඊයේ (22) රාත්‍රියේ මෙම සිද්ධිය සිදුව ඇති බවයි වේයන්ගොඩ පොලිසිය පැවසුවේ.

කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ බලා ධාවනය වූ නගරාන්තර දුම්රිය‍ තුළ මෙම සිද්ධිය සිදුව ඇති අතර මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගම්පහ, ඉහළ යාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි දුම්රිය ආරක්ෂක නිලධාරියෙක්.

දුම්රිය මැදිරිය තුළ පුද්ගලයින් දෙදනෙක් මත්පැන් පානය කරමින් සිට ඇති අතර එසේ නොකරන ලෙසට අදාල දුම්රිය ආරක්ෂක නිලධාරියා උපදෙස් දුන් අවස්ථාවේ ඊට කෝප වී එක පුද්ගලයෙකු ඔහුට විසින් පා පහරක් එල්ල කර තිබෙනවා.

මඟියාගේ පා පහර වැදුණු දුම්රිය ආරක්ෂක නිලධාරියා දුම්රියෙන් පිටතට විසි වී ඇද වැටී ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය පිළිබඳව දැන ගත් වහාම ක්‍රියාත්මක වූ මීරිගම පොලීසියේ නිලධාරීන් පිරිසක් මීරිගම දුම්රිය ස්ථානයේ දී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිසිය මේ වනවිට වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ඩෝබිලා දාලා තමයි මාධ්‍යයට සත්තම දාන්නේ..මේවා ඕකපාතිකව වෙන දේවල් නෙවෙයි
02:28
Video thumbnail
ඉදිරියේදී තැපැල් ප්‍රවාහනය දවසක් හැර දවසක් සිදුවෙන්නේ..ඉන්ධන නිසා තැපැල් දෙපාර්තමේන්තුවටත් බාධා
05:09
Video thumbnail
ඊයේ රෑ ඉදලා ආණ්ඩුව රට්ටුන්ට ෆුල් ආතල් එකක් දුන්නේ..මේ ආණ්ඩුව ස්වයං වින්දනයක ඉන්නේ
02:51
Video thumbnail
තිස්ස කුට්ටි ජනපති අනුර ගැන ගුණ වයයි..ෂෙඩ්වල පෝළිම් නෑ..ජනපතිට Respect කරනවා
04:52
Video thumbnail
"මෙතන කිසිම පෝළිමක් නෑනේ යන්න මහත්තයා ඔය මයික් එක අරගෙන"බොරු කරන්න එපා ඔයා - අපි සතුටින් ඉන්නේ
02:09
Video thumbnail
අනුර කුමාර කළුකඩ මුදලාලියෙක්..ඉන්ධන මිල වැඩිකිරීම නිසා විමල්ට තද වෙයි
04:33
Video thumbnail
ඉන්ධන අර්බුදය නිසා චාමරට යකා නගියි..ඔයාලට කරන්න බැරිනම් අපිට දෙන්න..කොමිස් එක අඩු කරලා දෙන්නම්
04:33
Video thumbnail
බස් සංගම්වලින් රතු එළියක්..බස් ගාස්තු වැඩි නොකළොත් අපි බස් ධාවනය නවත්තලා දානවා
02:25
Video thumbnail
බුදියගෙන නැගිටිනකොට වැඩේ හරි..සන්තෝෂයි.. මිනිස්සුන්ට නහුතෙටම තදවෙයි
03:41
Video thumbnail
ඉදිරියේදී අලුත් අවුරුදු උත්සව තියන්න බැරිවෙයිද ?..සමහර විට අනවශ්‍ය උත්සව සීමා කරන්න වෙයි
03:09