දුම්රිය මඟියෙකු එල්ල කළ පා පහරකින් දුම්රිය ආරක්ෂක නිලධාරියකු ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් පිටතට විසිවී ඇද වැටී ජීවිතක්ෂයට පත් වූ පුවතක් වේයන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.
වේයන්ගොඩ සහ වදුරව දුම්රිය ස්ථානය අතර ඊයේ (22) රාත්‍රියේ මෙම සිද්ධිය සිදුව ඇති බවයි වේයන්ගොඩ පොලිසිය පැවසුවේ.
කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ බලා ධාවනය වූ නගරාන්තර දුම්රිය තුළ මෙම සිද්ධිය සිදුව ඇති අතර මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගම්පහ, ඉහළ යාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි දුම්රිය ආරක්ෂක නිලධාරියෙක්.
දුම්රිය මැදිරිය තුළ පුද්ගලයින් දෙදනෙක් මත්පැන් පානය කරමින් සිට ඇති අතර එසේ නොකරන ලෙසට අදාල දුම්රිය ආරක්ෂක නිලධාරියා උපදෙස් දුන් අවස්ථාවේ ඊට කෝප වී එක පුද්ගලයෙකු ඔහුට විසින් පා පහරක් එල්ල කර තිබෙනවා.
මඟියාගේ පා පහර වැදුණු දුම්රිය ආරක්ෂක නිලධාරියා දුම්රියෙන් පිටතට විසි වී ඇද වැටී ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
සිද්ධිය පිළිබඳව දැන ගත් වහාම ක්‍රියාත්මක වූ මීරිගම පොලීසියේ නිලධාරීන් පිරිසක් මීරිගම දුම්රිය ස්ථානයේ දී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිසිය මේ වනවිට වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.




