භූමිතෙල් මිලත් ඉහල යන ලකුණු

භූමිතෙල් ලීටරයක් රුපියල් 87 කට අලෙවි කිරීමෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් 275.26ක අලාභයක් ලබන පසුබිමක භූමිතෙල් සඳහා සහනයක් අවශ්‍ය පිරිස්වලට මූල්‍ය ආධාරයක් ලබා දී භූමිතෙල් මිල ද සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය, කාංචන විජේසේකර මහතා පැවසීය.

එමෙන්ම අඩු මිලට භූමිතෙල් අලෙවි කිරීම නිසා විවිධ පිරිස් එය අවභාවිතා කරන බවත් භූමිතෙල් සඳහා සහනාධාරයක් දියයුතු ධීවර, වතු කම්කරු පිරිස් ඇතුළු අඩු ආදායම්ලාභී පිරිස් වෙත ධීවර පරීක්‍ෂක, තේ පරීක්‍ෂක, ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවක් හරහා මාසිකව මුදල් ආධාරයක් දීමේ වැඩපිළිවෙලක් සැලසුම් කරන බව ද ඔහු පැවසීය.

අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් කාංචන විජේසේකර මහතා පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?