spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

භාණ්ඩ වර්ග කිහිපයක් ආනයනය පිලිබද ගැසට් එක සංශෝධනය වෙයි

භාණ්ඩ ආනයනය කිරීම තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය සංශෝධනය කර තිබේ.සුවඳ විලවුන්, ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක් සීමාවන්ට යටත්ව ආනයනයට එහි දී අවසර ලබා දී ඇත.

අද පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් වැඩබලන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ කියා සිටියේ 

“ආනයන තහනම හරහා ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයට, අමුද්‍රව්‍ය සහ උපාංග ඇතුළු අවශ්‍යතා රැසක ගැටලු මතු වෙලා තිබුණා. ඒක තාවකාලික පියවරක්. අපි ඒක සතිපතා හෝ සති දෙකකට වරක් සමාලෝචනය කිරීමට රජය තීන්දු කරලා තියෙනවා. අත්‍යවශ්‍යයෙන් හඳුනාගත් අමුද්‍රව්‍ය ආනයනය සඳහා අවශ්‍ය නිදහස නැවත ලබා දෙනවා. ඒ නිසා එම ලැයිස්තුව ස්ථිර එකක් නෙවෙයි. ඒක අවශ්‍යතාවන් පරිදි ඉදිරියේදී වෙනස් කරන්න කටයුතු කරලා තියෙනවා. කර්මාන්තකරුවෝ මේ පිළිබඳව එතුමන්ලාගේ දුක් ගැනවිලි ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඒක නැවත ඔවුන්ට වෙනස් කරලා දෙන්න කටයුතු කරනවා. එම නිසා එම සංශෝධනත් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ගැසට් මගින් පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගන්නවා. ඒ නිසා ඒක ස්ථිර ලැයිස්තුවක් නෙවෙයි ක්‍රමානුකූලව වෙනස් වෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?