බෝට්ටුවක් පෙරළී 4ක් අතුරුදන්

මාරවිලට නුදුරු ගැඹුරු මුහුදේ බෝට්ටුවක් පෙරළී යාමෙන් ජපන් ජාතිකයෙකු ඇතුළු 04 දෙනෙකු අතුරුදහන්වී තිබෙනවා.

අතුරුදහන්වී ඇති බව කියන උතුරු මූදුකටුවේ පදිංචි බෝට්ටුවේ හිමිකාරිනිය විසින් මේ සම්බන්ධයෙන් අද අළුයම 3.30ට පමණයි මාරවිල පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

ඊයේ (18) 5.30 ට පමණ බිලී කොකු දමා මසුන් මැරීමට කුඩා බෝට්ටුවකින් ජපන් ජාතිකයෙකු ඇතුළු 05 දෙනෙකු මුහුදට ගොස් තිබෙනවා. ඒ මාරවිල – කුරුස පල්ලිය ආසන්නයෙන්.

ඔවුන් මසුන් මරමින් සිටින අතර තුර ඇති වූ වැසි සහිත කාලගුණය සමග බෝට්ටුව පෙරළී ගොස් තිබෙනවා.

බෝට්ටුව පදවා ගෙන ගිය පුද්ගලයා විසින් මේ පිළිබඳ දුරකතන පණිවිඩයක් මගින් ගොඩබිම සිටින තවත් ධීවරයෙකුට දැනුම් දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඒ අනුව බෝට්ටුව පෙරළී ගිය බව කියන ප්‍රදේශයට ගොස් ඇති තවත් පිරිසක් විසින් බෝට්ටුව පදවා ගෙන ගිය පුද්ගලයා බේරා ගෙන ගොඩ බිමට රැගෙනවිත් තිබෙනවා. බෝට්ටුවේ සිටි අනෙක් පුද්ගලයන් 4දෙනා අතුරුදහන්වී ඇති බවයි බෝට්ටු හිමිකාරිය පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

අතුරුදහන්වූ පිරිස සොයා නාවික හමුදාවේ සහාය ඇතිව මෙහෙයුමක් සිදු කිරීමට කටයුතු කර ඇති බව මාරවිල පොලිසිය ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40