spot_imgspot_img
spot_img

බෝට්ටුවක් පෙරළී 4ක් අතුරුදන්

මාරවිලට නුදුරු ගැඹුරු මුහුදේ බෝට්ටුවක් පෙරළී යාමෙන් ජපන් ජාතිකයෙකු ඇතුළු 04 දෙනෙකු අතුරුදහන්වී තිබෙනවා.

අතුරුදහන්වී ඇති බව කියන උතුරු මූදුකටුවේ පදිංචි බෝට්ටුවේ හිමිකාරිනිය විසින් මේ සම්බන්ධයෙන් අද අළුයම 3.30ට පමණයි මාරවිල පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

ඊයේ (18) 5.30 ට පමණ බිලී කොකු දමා මසුන් මැරීමට කුඩා බෝට්ටුවකින් ජපන් ජාතිකයෙකු ඇතුළු 05 දෙනෙකු මුහුදට ගොස් තිබෙනවා. ඒ මාරවිල – කුරුස පල්ලිය ආසන්නයෙන්.

ඔවුන් මසුන් මරමින් සිටින අතර තුර ඇති වූ වැසි සහිත කාලගුණය සමග බෝට්ටුව පෙරළී ගොස් තිබෙනවා.

බෝට්ටුව පදවා ගෙන ගිය පුද්ගලයා විසින් මේ පිළිබඳ දුරකතන පණිවිඩයක් මගින් ගොඩබිම සිටින තවත් ධීවරයෙකුට දැනුම් දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඒ අනුව බෝට්ටුව පෙරළී ගිය බව කියන ප්‍රදේශයට ගොස් ඇති තවත් පිරිසක් විසින් බෝට්ටුව පදවා ගෙන ගිය පුද්ගලයා බේරා ගෙන ගොඩ බිමට රැගෙනවිත් තිබෙනවා. බෝට්ටුවේ සිටි අනෙක් පුද්ගලයන් 4දෙනා අතුරුදහන්වී ඇති බවයි බෝට්ටු හිමිකාරිය පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

අතුරුදහන්වූ පිරිස සොයා නාවික හමුදාවේ සහාය ඇතිව මෙහෙයුමක් සිදු කිරීමට කටයුතු කර ඇති බව මාරවිල පොලිසිය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?