බොරුවට නිරෝධායනය වුණු නිලධාරිනිය අඩු මිලට සීනි ගන්න ගිහින්

සිය සැමියා නිරෝධායනය වී නිවසට පැමිණි නිසා තමාටද නිරෝධායනය වීමට සිදුවන බව පවසා කාර්යාලයෙන් නිවාඩු ලබාගත් නිලධාරිණියක් ,සීනි මිලට ගැනීමට පෝලිමේ සිට ආයතන ප්‍රධානියාට හසුවූ පුවතක් වාර්තා වෙනවා.මෙම නිලධාරිණිය රජයේ කාර්යලයක සේවය කරන අතර වෙනත් දිස්ත්‍රික්කයක සේවයේ නිරතව සිටි සිය සැමියා නිවසට පැමිනි පසුව ,ආයතනට ප්‍රධානියාට ඇය දන්වා ඇත්තේ , සැමියා කොවිඩ් රෝගියෙකුගේ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බැවින් තමාටද ඔහු සමඟ නිරෝධායනය වීමට සිදුවන බවයි.

සිය සැමියා නිරෝධායනය වී නිවසට පැමිණි නිසා තමාටද නිරෝධායනය වීමට සිදුවන බව පවසා කාර්යාලයෙන් නිවාඩු ලබාගත් නිලධාරිණියක් ,සීනි මිලට ගැනීමට පෝලිමේ සිට ආයතන ප්‍රධානියාට හසුවූ පුවතක් වාර්තා වෙනවා.

මෙම නිලධාරිණිය රජයේ කාර්යලයක සේවය කරන අතර වෙනත් දිස්ත්‍රික්කයක සේවයේ නිරතව සිටි සිය සැමියා නිවසට පැමිනි පසුව ,ආයතනට ප්‍රධානියාට ඇය දන්වා ඇත්තේ , සැමියා කොවිඩ් රෝගියෙකුගේ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බැවින් තමාටද ඔහු සමඟ නිරෝධායනය වීමට සිදුවන බවයි.

එබැවින් ඉදිරි දින කිහිපයේදී තමාට කාර්යාලයට පැමිණීමට නොහැකි බව ඇය දන්වා තිබෙනවා.

කෙසේ වෙතත් ටික දිනකට පසුව නිවසට වී සතුටින් කාලය ගත කල ඇයට දැනගන්නට ලැබුනේ සතොස වෙළඳ සැලකින් අඩු මිලට සීනි ලබා දෙන බවයි.ඒ අනුව ස්කූටියේ නැගී ඇයද එහි ගොස් ඇති අතර ,මෙම අවස්ථාවේදී මාධ්‍යවේදීන් කණ්ඩායමක් ජනතාවගෙන් සීනි අඩු මිලට ලබා දීම සම්බන්ධව අදහස් විමසා එය පටිගත කර ගෙන තිබෙනවා.

එදින රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයේදී එම දර්ශන විකාශනය වී ඇති අතර ,එහි එක් පසෙකින් ඇයද සිට තිබෙනවා.මේ බව දුටු කාර්යාලයේ අනෙක් සේවකයින් ආයතන ප්‍රධානියාට ඒ බව දැනුම් දුන් අතර ඔහුද ඒ බව තහවුරු කරගෙන තිබෙනවා.ඇයට දුරකථන ඇමතුමක් ගෙන ප්‍රධානියා විසින් දැඩිව අවවාද කොට ඇති අතර ,පවතින කාලගුණ තත්වය හමුවේ කාර්යාලයට යාමට මැලිව ඇය විසින් මෙවැන්නක් සිදු කොට තිබෙනව බවයි දැනගන්නට ලැබී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ රට දැන් සුරපුරයක්.. අවුරුදු දෙකකින් රට වෙනස් කළ හැටි මෙන්න..
02:36
Video thumbnail
ගෝඨාභයගේ කෙරුවාව මෙන්න ?කොවිඩ් කාලයේ සල්ලි අච්චු ගහලා බෙදුවේ
05:43
Video thumbnail
සමූපකාර සමිතිවල වංචා ගැන මහින්ද හෙළිකරයි - රු.1000 නම් අගට බිංදුවක් දාලා රු.10000 කළා
04:26
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
02:42
Video thumbnail
බලවතුන් නිසා තැන්පත්කරුවන්ගේ මුදල්වලට බලපෑම් රැසක් එල්ල වෙලා
04:23