බෙන්තොට පාලමෙන් ගඟට පැන්න කාන්තාව දරු දෙදෙනා බාරගන්න බෑ කියයි

බාල වයස්කාර දරු දෙදෙනා බෙන්තොට පාලම මත තබා ගඟට පැන දිවි නසා ගැනීමට තැත් කළ කාන්තාව සිය පියා සහ සොහොයුරා සමඟ අද (27) පොලිසියට ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.

අදාළ කාන්තාව අලුත්ගම පොලිසියට මෙම ප්‍රකාශය ලබාදී ඇති අතර, එහිදී දරුවන් දෙදෙනා භාර ගැනීම ඇය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ, අනුව වයස අවුරුදු එක හමාරක් වන ගැහැණු දරුවා සහ අවුරුදු 10ක් වන පිරිමි දරුවා අලුත්ගම පොලිසිය මඟින් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් පත් කර පරිවාස භාරයට පත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

සිය සැමියා සමඟ ඇතිකරගත් ආරවුලක් මුල් කරගෙන දරුවන් පාලම මත තබා මෙම කාන්තාව ඊයේ (26) දහවල් මෙම කාන්තාව බෙන්තොට ගඟට පන තිබුණා.

එහිදී තරුණයෙක් විසින් ඇයව බේරා ගැනීමට කටයුතු කර ඇති අතර, අනතුරුව ඇය රෝහල් ගත කිරීමටයි කටයුතු කරණු ලැබුවේ.

බලංගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව මේ වන විටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

  1. කරුණාකර ඔබලාෙග් වැරදි වලට අහිංසක දරුවන්ට වන්දි ගෙවන්න ඉඩ සලසන්න එපා. එ් දරුවන්ට අම්මත් නැති කරන්න එපා