බිළිඳෙකු විකිණීමට තැත් කළ තිදරු මවකට බරපතළ වැඩ සහිත ව සත් වසක සිර දඬුවම්

දින දෙකක් වයසැති කුඩා බිළිඳෙකු රුපියල් 75,000ක මුදලකට අලෙවි කිරීමට තැත්කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 46 හැවිරිදි තිදරු මවකට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත ව වසර 07ක සිරදඬුවම් නියම කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් අද (05) මෙම තීන්දුව ලබා දුන්නා.

සිරදඬුවමට අමතරව රුපියල් 20,000ක දඩයක් ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා, එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස 6ක ලිහිල් සිර දඬුවමක් නියම කරන බවද සඳහන් කළා.

මෙම විත්තිකාරිය හා ඇයගේ සැමියා විසින් පවත්වාගෙන ගිය නීති විරෝධි ගබ්සා මධ්‍යස්ථානයකට පැමිණි කාන්තාවක් හට දරුවා ගබ්සාවක් නොකර දරුවා බිහිකර අලෙවි කිරීමට පොළඹවා ගෙන ඇති බවයි හෙළි ව ඇත්තේ.

දරුවා බිහිකිරීමෙන් අනතුරුව විත්තිකාරිය විසින් පොලිස් මූලස්ථානයේ කාන්තා පොලිස් සැරයන්වරියකට දින 2ක් වයසැති දරුවා ඉහත සඳහන් මුදලට විකිණීමට කටයුතු කර තිබෙන බව නඩු විභාගයේ දී සඳහන් වුණා.

ඒ අනුව පොලීසියේ උපාය දූතයෙකු මාර්ගයෙන් මුදල් ලබා දී අදාළ දරුවා මිල දී ගැනීමට ගිය අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් විසින් මෙම විත්තිකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, පැමිණිල්ල විසින් විත්තිකාරියට එරෙහිව එල්ලකර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කර තිබෙන බවයි.

තිදරු මවක් වශයෙන් විත්තිකාරිය විසින් සිදුකර තිබෙන වරද මිනිස් සංහතියම කම්පාවට පත්කරන අමානුෂික ක්‍රියාවක් බවත් විනිසුරුවරයා චෝදනා කළා.

විත්තිකාරිය සිදු කර තිබෙන්නේ ඉතා බරපතළ මෙන්ම කනගාටුදායක ක්‍රියාවක් බවත් එවැනි වරදවල් ලිහිල්ව සැලකිය නොහැකි බව පෙන්වා දුන් විනිසුරුවරයා, එවැනි වරදවල්වලට ලිහිල් දඬුවම් ලබාදීමට හැකියාවක් නොමැති බවත් සඳහන් කළා.

සමාජයේ සෑම දරුවෙකුටම එක හා සමානව ආරක්ෂාව ලැබිය යුතු බවත්, ඒ අනුව වින්දිත පාර්ශ්වයට සාධාරණයක් ඉටුවන ආකාරයේ දඬුවමක් ලබා දෙන බවත් ප්‍රකාශ කළ විනිසුරුවරයා අනතුරුව මෙම නියෝග ප්‍රකාශයට පත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18