බිරිඳ විදෙස් ගත වෙලා ඉද්දි කාන්තාවන් 8ක් එක්ක දීග කෑ අනංගයා කෝටිපති ව්‍යාපාරිකයාගේ බිරිඳත් සහේට ගනී

කාන්තාවන් අටදෙනකු සමග දීගකෑ පුද්ගලයකු සමග අනියම් සම්බන්ධතාවක් ඇති කරගත් තිදරු මවක් තම ස්වාමියාට අයත් මෝටර් රථය ද රැගෙන අනියම් පුරුෂයාගේ නිවෙසට විත් තම විවාහක ස්වාමියා සමග නැවත යෑමට නොහැකි බව පවසමින් හඬා වැටුණු පුවතක් රජරට පළාතේ පොලිසියක සුළු පැමිණිලි අංශයෙන් වාර්තා වෙනවා.

කෝටිපති ව්‍යාපාරිකයකුගේ වාහන අලෙවිසලක සේවය කිරීම සඳහා රියැදුරකු අවශ්‍ය බවට පුවත්පත් දැන්වීමක් පළකර තිබෙනවා. එම දැන්වීමට අනුව තරුණයකු ඉල්ලු‍ම් කර ඇති අතර ඔහු සේවය සඳහා තෝරාගෙන තිබෙනවා. දින කිහිපයක් යද්දී අදාළ ආයතනයේ කළමනාකාරිණිය වශයෙන් කටයුතු කළ විවාහක තිදරු මවක වන කෝටිපති ව්‍යාපාරිකයාගේ දියණිය සමග ඔහු අනියම් සම්බන්ධතාවක් ඇතිකරගෙන තිබෙනවා.

 ඔවුන්ගේ සම්බන්ධය එම කාන්තාවගේ 14 හැවිරිදි දියණියට හසුවී ඇති අතර අනියම් සම්බන්ධය හසුවීමෙන් පසු මොහු එම ආයතනයෙන් ඉවත් කර ඇති ඇති බවත් සඳහන්. ජංගම දුරකතන මාර්ගයෙන් ඔවුන්ගේ සම්බන්ධය දිගටම පවත්වාගෙන ගොස් තිබෙනවා. දින කිහිපයකට පසු තම සැමියාට අයත් මොටර් රථය ද රැගෙන ගූගල් තාක්ෂණය ඔස්සේ මාර්ග සිතියමක් ​උපයෝගි කරගෙන අනියම්පෙම්වතා සිටින ස්ථානයට තම පස් හැවිරිදි දියණිය ද රැගෙන අදාල කාන්තාව පැමිණ තිබෙනවා.

 අදාළ කාන්තාවගේ සැමියා පොලිසියට කළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ පොලිසියට දැනගන්නට ලැබී ඇත්තේ මෙම අනියම් පෙම්වතා මීට පෙර කාන්තාවන් අටදෙනකු සමග අනියම් සම්බන්ධතා ගොඩනගාගෙන ඔවුන් නිවෙසට ගෙනැවිත් එම කාන්තාවන්ගෙන් මුදල් ලබාගෙන ඔවුන් එලවා දමා ඇති බවයි. 

මෙම පුද්ගලයාගේ විවාහක බිරිය මේ වනවිට විදේශ රැකියාවක නිරත වන අතර ඔහුට දාව දරුවන් තිදෙනකු සිටින බව ද පොලිසියේදී අනාවරණය වී තිබෙනවා, තම දරුවන් තිදෙනාට මවක් අවශ්‍ය බැවින් තමා සමග නැවත යෑමට පැමිණෙන ලෙස කාන්තාවගේ සැමියා කොතෙක් ආයාචනය කළ ද නව පෙම්වතාගෙන් තමන් දැඩි සතුටක් ලබන බැවින් ඔහු හැරදා යෑමට නොහැකි බව ඇය පවසා තිබෙනවා. දරුවන් තිදෙනකුගේ මවක් බව සිහියේ තබාගෙන මෙවන් අනංගයන්ට රැවැටී තම ජීවිතය විනාශ කර නොගන්නා ලෙස පොලිසියේ නිලධාරීන් කොතෙක් ඉල්ලා සිටිය ද මෙම කාන්තාව එය ප්‍රතික්ෂේප කොට විවාහක පුරුෂයා හා තම දරුවන් කදුළු සලද්දී ළඟදී විවාහ වූ මනාල ජොඩුවක් මෙන් ත්‍රිරෝද රථයක නැගී අනියම් සැමියා සමග පොලිසියෙන් පිටව ගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57