බිරිඳ පවුලේ අය සමඟ එක්ව සැමියාට පෙට්‍රල් වත්කර පණපිටින් පුළුස්සලා

තම සැමියාට පෙට්‍රල් වත්කර පණපිටින් පුළුස්සා දැමීමට තැත් කළ කාන්තාවකට සහ ඇගේ පවුලේ සාමාජිකයන්ට ඉන්දියාවේ අග්‍රා පොලිසිය විසින් නඩු පවරා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ පුද්ගලයා සිය බිරිඳව කැඳවාගෙන යාමට සිය මාමණ්ඩියගේ නිවසට ගිය අවස්ථාවේ මෙම සිද්ධියට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ මෙම පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා දිල්ලි හි සෆ්දර්ජුන් රෝහලට ඇතුළත්කර සිටිය දී ඊයේ (23) පස්වරුවේ මිය ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

මෙලෙස ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ සොහොයුරා පවසන්නේ, තම සහෝදරයා වන ධර්මේන්ද්‍රන්ගේ බිරිඳ සහ පවුලේ අය එක්ව කුමන්ත්‍රණයක් දියත් කර ඔහුව පණ පිටින් පුළුස්සා දමා ඝාතනය කළ බවයි.

මොවුන් දෙදෙනා 2019 නොවැම්බර් මාසයේ දී විවාහ දිවියට පිවිස ඇති අතර, ඔවුන්ගේ පවුල් ජීවිතය එතරම් සාර්ථක එකක් නොවන බවටයි අනාවරණය වී ඇත්තේ.

ඝාතනයට ලක් වූ මෙම පුද්ගලයාගේ බිරිඳ විවාහයෙන් පසු වැඩි කාලයක් ඇයගේ දෙමාපියන්ගේ නිවසේ ගතකර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

එම කාන්තාව මීට මාස තුනකට පෙර ඇගේ දෙමව්පියන්ගේ නිවසට ගොස් එහි රැඳී සිට ඇති අතර, ඇයව යළි කැඳවාගෙන යාමට ගිය අවස්ථාවේ දීයි ස්වාමිපුරුෂයා මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය - රියදුරුට නින්ද ගිහින් වෙච්ච දෙයක්
00:32
Video thumbnail
පානදුර කුඩු සළිඳුගේ අනුගාමික යුවලක් හෙරොයින් සමඟ කොටුවෙයි - ලක්ෂ 63ක මුදලකුත් මාට්ටු
00:39
Video thumbnail
දෙහිවල බෝම්බය ග#න්න ආ සෙට් එක නැවතුම ලැගුම් හල - CCTV දර්ශන එළියට එයි
01:34
Video thumbnail
ගුරු මෑණියන්ගේ සිහිනය සැබෑ කරන්න විදුමව් තුරුලට පැමිණි දරුවෝ
03:43
Video thumbnail
සර් සර් විනාඩියක්
00:46