සිය බිරිඳව නිවසක් තුළ සිරකර එයට ගිනිතැබූ පුද්ගලයකු අද (14) අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර, ගමගොඩ, රජවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවයි වාර්තා වුණේ.
දෙදෙනා අතර කලක සිට පවුල් ආරවුල් පැවති ඇති අතර, සැකකරු ඊයේ සවස බීමතින් පැමිණ සිය බිරිඳ කාමරයක සිටිය දී
මෙලෙස ගිනි තබා ඇති බවයි පොලිසිය පවසන්නේ.
එසේ වෙතත් එම අවස්ථාවේ දී අදාළ කාන්තාව නිවසින් පිටතට පැන ගැනීමට කටයුතු කර ඇති බවයි අප පැවසුවේ.
ගිනි තැබීමෙන් නිවසේ කොටසකට අලාභ හානි සිදුව තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.














MALU NAHINNE KATA HINDA, GENU NAHINNE KATA HINDHA.