බලංගොඩ, දෙහිගස්තලාව ප්‍රදේශයේ කාන්තාවක් තම දියණියක් සමඟ එකතු වී සැමියාගේ මුහුණට මිරිස් කුඩු ගසා ඔහුට අයත් යතුරුපැදියකට සහ කැබ් රථයකට ගිනි තබා තිබෙනවා.
එහිදී යතුරුපැදිය සම්පූර්ණයෙන්ම ගිනිගෙන හානි සිදුව ඇති අතර, කැබ් රථයට සුළු අලාභ හානි සිදුව ඇති බවයි දසත නිවුස් බලංගොඩ වාර්තාකරු සඳහන් කළේ.
අද (15) අලුයම සිදු වූ මෙම සිදුවීමෙන් සැමියා ප්‍රතිකාර සඳහා බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
43 හැවිරිදි මෙම කාන්තාව සැමියාගෙන් වෙන් වී දරුවන් තිදෙනා සමඟ කලක සිට කුලී නිවසක ජීවත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ඇය අද (15) අලුයම සිය 23 හැවිරිදි දියණියත් සමඟ සැමියා පදිංචිව සිටි නිවසට පැමිණ මෙම අපරාධය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
සැකකාර කාන්තාව සහ දියණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් බලංගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසුවා.





