බිරිඳට පහර දී, භූමිතෙල් දමා පුළුස්සාලා…

වව්නියාව පූවර්සන්කුලම්, කට්පගපුරම් ප්‍රදේශයේදී පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් සිය බිරිඳට පහර දී, භූමිතෙල් දමා ඝාතනය කර තිබෙනවා.

සැමියා සහ බිරිඳ අතර වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් සැමියා විසින් බිරිඳට පහරදී ඇති අතර, එහිදී එම කාන්තාව සිහිසුන්ව බිම වැටී ඇති බවයි පූවර්සන්කුලම් පොලීසිය පවසන්නේ.

ඉන් පසුව සැමියා විසින් ඇයගේ සිරුරට භූමිතෙල් දමා පුළුස්සා පලා ගොස් තිබෙනවා.

අනතුරුව අසල්වාසීන් විසින් කාන්තාවගේ සිරුරෙහි හටගත් ගින්න නිවා දැමීමට පියවර ගනු ලැබුව ද, ඒ වන විටත් දැඩි ලෙස පිලිස්සී සිටි අදාළ කාන්තාව රෝහල්ගත කිරීමට පෙර, එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව සිටි බවයි පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.

මෙලෙස පිලිස්සී මිය ගොස් ඇත්තේ, කට්පගපුරම් ප්‍රදේශයේ පදිංචි රාජේන්ද්‍රම් අනට්ට්‍රා නමැති 43 හැවිරිදි කාන්තාවක්.

පූවර්සන්කුලම් පොලීසිය විසින් ගිනිතැබීම සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාළ සැකකරු වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00