spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බැසිල් යළි පාර්ලිමේන්තු එයි ද ? (වීඩියෝ)

මේ වනවිට මැතිවරණයකට කාලය පැමිණ ඇති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

පක්ෂයක් ලෙස පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට සූදානම් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඇමරිකාවේ සිට පැමිණි පසු පළමුවරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (05) මේ බව ප්‍රකාශ කළා.

තමන් ඉදිරියේ දී රාජ්‍ය පාලනයේ නොමැති බවත් ක්‍රියාකාරී දේශපාලනයේ සිටින බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

පාර්ලිමේන්තුවට යළි පැමිණීමේ බලාපොරොත්තුවක් නොමැති බව සඳහන් කළ හිටපු අමාත්‍යවරයා 21වන සංශෝධනයෙන් ඊට අවස්ථාවක් නොමැති බවත් සඳහන් කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කර සිව්වසරක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ උත්සවයක් අද බත්තරමුල්ල – නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණා.

https://youtu.be/PWcqtA6jLbw
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?