ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වාගෙන සිටින ප්‍රබල අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ ඊයේ (10) වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබුවා.
ඒ, වවුනියාව ආගමන විගමන කාර්යාලය හරහා සිදුවුයේ යැයි කියන ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සැකසීමේ සිදුවීමට අදාළ නඩු කටයුත්තක් වෙනුවෙන්.
ඇය දැඩි පොලිස් සහ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාවක් යටතේ අධිකරණය වෙත රැගෙන ආ බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
මෙම සිද්ධියට අදාළ නඩු විභාගය එළඹෙන 24 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය ඊයේ නියෝග කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
3
+1
1
+1
+1
+1
1




