බාල වයස්කාර දියණිය මවක් කළ පියෙක් වසර 48ක් සිපිරි ගෙට

තම දියණිය දූෂණය කර දරුවෙකු ලැබීමට සැලැස්සූ පියෙකු වරද පිළිගැනීමෙන් පසුව චෝදනා තුනට බරපතළ වැඩ සහිත වසර 48ක සිර දඬුවමක් නියම කිරීමට කෑගල්ල මහාධිකරණ විනිසුරු ජයකි ද අල්විස්, පෙරේදා (26) නියම කරනු ලැබුවා.

ඊට අමතරව වින්දිත දියණියට ලක්ෂ 05ක වන්දි මුදලක් ද ගෙවන ලෙසයි අධිකරණය නියෝග කළේ.

පළමු, දෙවන සහ තෙවන චෝදනාවලට වෙන් වෙන්ව රුපියල් 10, 000 බැඟින් රුපියල් 30,000ක දඩ මුදලක් ද, එම දඩ මුදල් නොගෙවන්නේ නම් වසර බැඟින් බරපතල වැඩ සහිත වසර තුනක සිර දඬුවමක් ද නියම කළ විනිසුරුවරිය ඊට අමතර එක් එක් චෝදනාවට වසර 16 බැඟින් බරපතල වැඩ සහිත වසර 48 ක සිරදඬුවමක් නියම කෙරුණා.

සිරදඬුවම් එකවර ගෙවී යන ලෙසත් සිරදඬුවම් ගෙවී යාමෙන් පසුව වින්දිත දියණියට රුපියල් ලක්ෂ 05ක වන්දි මුදල් ද වන්දි මුදල් නොගෙවන්නේ නම් වසර පහක බරපතල වැඩ සහිත සිරදඬුවමක් ද මෙහිදී නියෝග කළා.

මෙලෙස බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කෙරුණේ මාවතගම, හල්ලව ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි තිදෙරු පියෙකුටයි.

දැරියට 13 හැවිරිදි වියේ පසුවූ අවස්ථාවේ අයගේ මව විදෙස් රැකියාවක් සඳහා පිටත්ව ගොස් ඇති අතර, ඉන් අනතුරුව නිවසේ සිට ඇත්තේ අදාළ දැරිය පියා, බාල සහොදරයා සහ සහොදරිය පමණයි.

2010 වර්ෂයේ අප්‍රේල් 01 වැනිදා සිට දෙසැම්බර් 16 වැනිදා දක්වා කාලය තුළ දී අවස්ථා ගණනාවක දී පියා විසින් දියණියව දූෂණය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව මව යළි නිවසට පැමිණිය ද දැරිය විසින් තමාට පියාගෙන් දරුවෙකු බිහි වීමට ඇති බව මව සමඟ ප්‍රකාශ කර නොතිබුණු බවට ද අධිකරණයේ දී හෙළි වුණා.

පසුව ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට ලද තොරතුරකට අනුව ⁣ඇය දැරියගෙන් දරුවෙකු බිහි කිරීමට ඇද්ද යන්න පිළිබඳ විමසීමක් සිදුකර තිබෙනවා.

පසුව දැරිය සිද්ධිය සම්බන්ධයෙන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

එහිදී සැකකාර පියා අත්අඩංගුවට ගෙන රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.
.
පසුව දැරිය කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ආබාධිත දරුවෙකු බිහි කර තිබූ බව සඳහන්.

කෙසේ වෙතත් රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගයකින් අනතුරුව නීතිපතිවරයා වෙත යොමු කොට අධි චෝදනා තුනක් යටතේ සබරගමුව පළාත් බද කෑගල්ල මහාධිකරණයට මෙම සිද්ධිය සම්බන්ධ නඩුව යොමුකර තිබෙනවා.

ඒ, අතර තුර සැකකාර පියා මාවතගම, කහපත්වල, හල්ලව ප්‍රදේශයේ තවත් කාන්තාවක් සමඟ විවාහ වී ඇති අතර. එහිදී
ඇයට ද එක් දරුවෙක් සිටින අතර තවත් දරුවෙකු බිහි කිරීමට ද සිටින බවයි අධිකරණයේ දී වැඩිදුරටත් කරුණු අනාවරණය වී ඇත්තේ.

මේ අතර වින්දිත දැරිය මාතර ප්‍රදේශයේ පුද්ගලයෙක් සමඟ විවාහ වී මේ වනවිට දරුවෙක් ද සිටින බවට අධිකරණයේ දී හෙළිවුණා.

කෙසේ වෙතත් පෙරේදා (26) දිනයේ ආදළ නඩුව කැඳවූ අවස්ථාවේ දී සැකකාර පියා අධි චෝදනා තුනටම වැරදිකරු බව විවෘත අධිකරණයේ ප්‍රකාශ කිරීමෙන් පසුව ඉහත දඩ මුදල් සහ බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32
Video thumbnail
කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයට ගලා ආ මුහුදු ජලය කළ විනාශය
01:45
Video thumbnail
හිටපු ඇමතිගේ බිරිද වැ#ණු ස්ථානයේ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකරන අයුරු
01:45