spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බාලවයස්කාර දැරියක් කෙලෙසූ අටේ පංතියේ සිසුවා පොලිස් අත්අඩංගුවට

වයස අවුරුදු 08ක බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ බව කියන 15 හැවිරිදි බාලවයස්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආරච්චිකට්ටුව පොලීසිය විසින් මෙම බාලවයස්කරුවා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

බංගදෙණිය – කෝට්ටපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 08 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම බාලවයස්කාර සිසුවා පසුගිය 14 වනදා පස්වරුවේ බාලවයස්කාර දැරියව මෙලෙස ලිංගික අපයෝජනයට ලක්කර ඇති බව දැරියගේ මව්පියන් විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

එම පැමිණිල්ලට අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අපයෝජනයට ලක්වූ බව කියන බාලවයස්කාර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු බාලවයස්කාර සැකකරු හලාවත මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව බව අප වාර්තාකරු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
11
+1
7
+1
7
+1
8
+1
1
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?