බාධක බිඳ දමමින් පොලිසිය ඉම්රාන් ඛාන්ගේ නිවසට ඇතුලු වෙයි

පාකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් ගේ ලාහෝර්හි පිහිටි නිවසට පාකිස්තාන පොලිසිය බලහත්කාරයෙන් ඇතුළු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ මොහොත වන විට ඉම්රාන් ඛාන් නඩු විභාගයක් සඳහා ඉස්ලාමාබාද් නුවර බලා යමින් සිට ඇති බවයි සඳහන් වන්නේ.

ඔහුගේ පක්ෂයේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ පොලිසිය බාධක ඉවත් කර ඔහුගේ නිවසට කඩා වැදුණු අවස්ථාවේ ඛාන්ගේ බිරිඳ වන බුෂ්රා බෙගම් නිවසේ සිටි බවයි.

මෙහෙයුම අතරතුර, අවම වශයෙන් පකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයේ සාමාජිකයන් 10 දෙනෙකු තුවාල ලබා ඇති අතර 30 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත් බව PTI පුවත් සේවය වාර්තා කරනවා.

ඉම්රාන් ඛාන් මහතාගේ නිවසේ සිටි ඔහුගේ ආධාරකරුවන්ට පොලිස් නිලධාරීන් විසින් පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඔහුගේ පක්ෂය සිය නිල ට්විටර් ගිණුමේ දක්වා තිබෙනවා.

නඩු විභාග කිහිපයක් මග හැරීම නිසා හිටපු අගමැතිවරයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී ඔහුගේ ආධාරකරුවන් සහ පොලිසිය අතර දින ගණනාවක් පැවති මතභේද සහ ගැටුම්වලින් පසුවයි පොලිසිය මෙම පියවර ගෙන ඇත්තේ.

මෙම සතිය මුලදී, ඛාන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ උත්සාහයක් ලෙස ඔහුගේ නිවස වටලා සිටි ඔහුගේ ආධාරකරුවන් සිය ගණනක් වෙත ආරක්ෂක අංශ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර ද එල්ල කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26