බාධක බිඳ දමමින් පොලිසිය ඉම්රාන් ඛාන්ගේ නිවසට ඇතුලු වෙයි

පාකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් ගේ ලාහෝර්හි පිහිටි නිවසට පාකිස්තාන පොලිසිය බලහත්කාරයෙන් ඇතුළු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ මොහොත වන විට ඉම්රාන් ඛාන් නඩු විභාගයක් සඳහා ඉස්ලාමාබාද් නුවර බලා යමින් සිට ඇති බවයි සඳහන් වන්නේ.

ඔහුගේ පක්ෂයේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ පොලිසිය බාධක ඉවත් කර ඔහුගේ නිවසට කඩා වැදුණු අවස්ථාවේ ඛාන්ගේ බිරිඳ වන බුෂ්රා බෙගම් නිවසේ සිටි බවයි.

මෙහෙයුම අතරතුර, අවම වශයෙන් පකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයේ සාමාජිකයන් 10 දෙනෙකු තුවාල ලබා ඇති අතර 30 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත් බව PTI පුවත් සේවය වාර්තා කරනවා.

ඉම්රාන් ඛාන් මහතාගේ නිවසේ සිටි ඔහුගේ ආධාරකරුවන්ට පොලිස් නිලධාරීන් විසින් පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඔහුගේ පක්ෂය සිය නිල ට්විටර් ගිණුමේ දක්වා තිබෙනවා.

නඩු විභාග කිහිපයක් මග හැරීම නිසා හිටපු අගමැතිවරයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී ඔහුගේ ආධාරකරුවන් සහ පොලිසිය අතර දින ගණනාවක් පැවති මතභේද සහ ගැටුම්වලින් පසුවයි පොලිසිය මෙම පියවර ගෙන ඇත්තේ.

මෙම සතිය මුලදී, ඛාන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ උත්සාහයක් ලෙස ඔහුගේ නිවස වටලා සිටි ඔහුගේ ආධාරකරුවන් සිය ගණනක් වෙත ආරක්ෂක අංශ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර ද එල්ල කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
2
මලපනිනව !
1
කුජීතයි !
3
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?