බ්‍රසීලයේ හිටපු මහජන ආරක්ෂක ප්‍රධානී අත්අඩංගුවට

බ්‍රසීලයේ හිටපු මහජන ආරක්ෂක ප්‍රධානී ඇන්ඩර්සන් ටොරස් එක්සත් ජනපදයේ සිට නැවත පැමිණීමේදී බ්‍රසීලයේ ෆෙඩරල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 8 වන ඉරිදා කැරලිකරුවන් බ්‍රසීලයේ කොංග්‍රසයට, ජනාධිපති මන්දිරයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට කඩා වැදුණු අවස්ථාවේ අගනුවර ආරක්ෂක ප්‍රධානියා ලෙසට කටයුතු කරනු ලැබුවේ ටොරස් මහතායි.

එම සිදුවීමෙන් අනතුරුව බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළේ ටොරස් මහතා රජයේ ගොඩනැඟිලිවලට ප්‍රහාර එල්ල කළ කැරලිකරුවන් සමඟ හවුල් වූ බවට චෝදනා කරමින්.

කෙසේවෙතත් ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

අගනුවර ආරක්ෂක ප්‍රධානියා ලෙස ඇන්ඩර්සන් ටොරස්ට පැවරී ඇති බලතල අනුව කටයුතු කිරීමට අතපසු වීම මෙන්ම ක්‍රියා කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට චෝදනා කරනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු Alexandre de Moraes පෙන්වා දෙන්නේ මෙම අතපසු වීම හේතුවෙන් ඇතිවූ ආරක්‍ෂාව නොමැතිකම මගින් සාපරාධී කණ්ඩායම්වලට පොදු ගොඩනැගිලි ආක්‍රමණය කිරීමට හැකි වූ බවයි.

ටොරස් මහතා අගනුවර ගුවන් තොටුපලේදී අත් අඩංගුවට බව ප්‍රකාශයක් නිකුත් කරමින් බ්‍රසීලයේ ෆෙඩරල් පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

බ්‍රසීල ජනාධිපති Lula da Silva කියාසිටියේ ජනාධිපති මන්දිරයට ප්‍රහාරයක් එල්ල කිරීමට හිටපු ජනාධිපති Jair Bolsonaro සම්බන්ධ බවයි.

බොල්සොනාරෝ ගේ හිටපු අධිකරණ අමාත්‍යවරයා වූ ටොරස් පෙන්වා දෙන්නේ තමන් මෙම කිසිදු කැරළි ක්‍රියාවකට සම්බන්ධ නොමැති බවයි.

ටොරස් සඳුදාට පෙර බ්‍රසීලයට නොපැමිණිය හොත් ඔහු පිටුවහල් කරන බවට බ්‍රසීලයේ අධිකරණ අමාත්‍ය ෆ්ලේවියෝ ඩිනෝ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා.

පොලිසිය ආරක්ෂක ප්‍රධානීගේ නිවසේ තිබී පසුගිය ඔක්තෝම්බර් මාසයේ මැතිවරණ ප්‍රතිඵලය ආපසු හැරවීමට උත්සාහ කරන බවට වාර්තා වූ ලේඛනයක් ද සොයා ගෙන ඇතැයි සඳහන්.

පසුගිය ඉරිදා කැරළිකරුවන් කඩාවදින අවස්ථාවේ ඔහු තම පවුලේ සාමාජිකයන් සමග මියාමි හි නිවාඩුවක් ගත කරමින් සිට ඇති අතර සිකුරාදා සවස යළිත් බ්‍රසීලය වෙත පැමිණීමට සැලසුම් කර තිබූ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
00:00
Video thumbnail
චාමර සම්පත්ගේ කතාවෙන් ප්‍රසාද්ට හොඳටම හිනා
13:22
Video thumbnail
සුජීව නැගිටලා ආණ්ඩුවට සැරටම දෙසයි - "මට බනිනවා උඹට පාන්ද කියලා,අපිට නෙවෙයි පාන්"
08:23
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
01:04:28
Video thumbnail
නාමල්ව ම##න මට පුළුවන් - අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
01:37
Video thumbnail
උසාවියට ආ චාමර සම්පත් කිව්ව දේ.."ඔයාගේ රස්සාව අපෙත් මේක රස්සාව තමයි..රණවිරු සැමරුමට අපිට කියලා නෑනේ"
01:27
Video thumbnail
අනුර විශ්‍රාමික ත්‍රස්තවාදියෙක් - රණවිරුවන්ට එරෙහිව ආයුධ අතට ගත්තා
01:42
Video thumbnail
නාමල් ආණ්ඩුවේ කට්ටියට කට උත්තර නැතිවෙන්නම දෙයි
09:04
Video thumbnail
ජනපතිට රණවිරුවෝ කියලා කියාගන්න පොඩ්ඩක් අමාරුයිනේ - සුජීවගෙන් ජනපතිට සැර හින්ට් එකක්
02:10
Video thumbnail
හිරුණිකා අනුරගේ ගෙදර සොයා එන්න සැරසෙයි
02:16