spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි

ලංගම බස්රථ දෙකක් අද(12) දා අළුයම එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව පොල්ගහවෙල පොලීසිය පවසයි.

කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ හොදැල්ල ප්‍රදේශයෙදී අද අළුයම 04:45 ට පමණ කුරුණෑගල සිට කොළඹ බලා ධාවනය වූ NB9187 අංක දරන ලංගම බස් රථයට පිටුපසින් පැමිණි ND9640 අංක දරන බස්රථය ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදු වි ඇත.

මෙම අනතුරේන් පිටුපස බස් රථයේ රියදුරු හා කොන්දොස්තර වරයා ඇතුළු බස් රථ දෙකෙහි ගමන් ගත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවත් එම තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට වෙත යවා ඇති බවත් පිටුපසින් පැමිණි බස් රථයේ රියැදුරුගෙඑ අධිකවේගය හා අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවත් මෙම බස් රථ දෙකම අනුරාධපුර ලංගම ඩිපෝවට අයත් බස්රථ බව පොලිසිය පවසන අතර අනතුර සම්බන්ධයෙන් පොල්ගහවෙල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශන පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?