බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුම්පොළේ බස් රථයක් තුළ දී පුද්ගලයෙක් විසින් අද (09) පෙරවරුවේ කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා.
බණ්ඩාරවෙල සිට බදුල්ල ලබා ධාවනයවීමට නියමිතව තිබූ බස් රථයක් තුළ දී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා පළායන අවස්ථාවේ දී බස්රථයේ රියදුරු සහ ත්‍රිරෝද රථයක රියදුරෙක් විසින් ඔහුව අල්ලා කණුව බැඳ තිබෙනවා.
පසුව පොලිසිය පැමිණ එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරු පොලිසියට පවසා ඇත්තේ පවුල් ආරවුලක් මත මෙම පහරදීම සිදුකළ බවයි.
තියුණු ආයුධ ප්‍රහාරයට ලක්වූ කාන්තාව බණ්ඩාරවෙල, ලියන්ගහවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි තැන්තියක් බවයි වාර්තා වුණේ.
තුවල් ලැබූ කාන්තාව බණ්ඩාරවෙල මූලික රෝහලට ඇතුළත්කර ඇති අතර, අනතුරුව ඇයව දියතලාව මූලික රෝහලට මාරුකර යවා තිබෙනවා.
දියතලාව මූලික රෝහලට මාරුකර යැවූ ඇයගේ තත්ත්වය බරපතළ වූ බැවින් බදුල්ල මහ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.















