බස් රථයකට ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට

මිරිහාන විරෝධතාවයේදී බස් රථයකට ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.මාර්තු මස 31 වනදා ප්‍රචණ්ඩ ක්‍රියා අතර පොලිසියට හා යුද හමුදාවට අයත් වාහන කිහිපයක් ගිනි තබා විනාශ කර තිබුණා.

සැකකරු බස් රථයට ගිනි තැබීම හේතුවෙන් ඒ ආසන්නයේ නතර කර තිබූ පොලිසියට අයත් ත්‍රී රෝද රථයක් සහ යතුරුපැදි දෙකක් ද ගිනිගෙන විනාශ වී තිබුණා. 42 හැවිරිදි විවාහකයෙක් වන සැකකරු විජේරාම ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් ආයතනයක සේවය කරන අයෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?