බස් ගාස්තු ගැන තීරණය දින දෙකක් ඇතුළත

ඉන්ධන මිල ඊයේ (02) රාත්‍රියේ අඩු කිරීමට ගත් තීරණයත් සමඟ බස් ගාස්තු සම්බන්ධයෙන් වන තීරණය සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරනවා.

ඔහුගෙන් අප කළ විමසීමක් දී සඳහන් කර සිටියේ බස් ගාස්තු සම්බන්ධයෙන් වන තීරණය ඉදිරි දින දෙක තුළ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.

ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් මිල රුපියල් 15.00කින් සහ භූමිතෙල් මිල රුපියල් 10.00කින් පහත දැමීමට තීරණය කර කළා.

ඒ, අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 405.00ක් වන අතර භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 355.00ක්.

  1. diesel wadi k…. kiyapu hatiye mun bus gasthu asadarana lesa wadi karanawa. hebayi adu kalama mun thatamanawa dawas ganan adu karanna. mun maha ganak adu karanne nahe. awama gasthuwa 34 32 karayi. onna balannako.