spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බස් ගාස්තුව ඉහළට ? – අවම ගාස්තු රුපියල් 30 වෙයි ?

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (12) සිට ඉන්ධන මිල වැඩි කිරීමට ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ කටයුතු කළා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 77 කින් ඉහළ යන අතර,එහි නව මිල වන්නේ රුපියල් 254 ක්.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 76 කින් ඉහළ යනවා.

ඒ අනුව එහි නව මිල රුපියල් 283 ක්.

සංස්ථා ඔටෝ ඩීසල් ලීටරයක මිලද රුපියල් 55 කින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමුණු අතර, ඔටෝ ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 176 ක්.

මීට අමතරව සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 95 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 254 ක් වනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා දිගින් දිගටම රජයෙන් ඉල්ලීම් කළ අතර, ඒ අනුවයි අද සිට ඔවුන් මෙලෙස ඉන්ධන මිල ඉහළ දමා ඇත්තේ.

ලංකා අයි.ඕ.සී. සමාගම ද පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු වර්ගයේ ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් ඉහළ නැංවීමට පියවර ගත්තා.

ඒ අනුව අයි.ඕ.සී. ඩීසල් ලීටරයක් මේ වනවිට රුපියල් 214 කට අලෙවි වන අතර, ඔවුන් පෙට්රල් ලීටරයක් මේ වනවිට අලෙවි කරන්නේ රුපියල් 254 කටයි.

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ක්‍ෂේත්‍ර ගණනාවක මිල ඉහළ යෑම් සිදුවන බව ඊයේ පාර්ශ්ව රැසක් ප්‍රකාශ කළා.

සහනාධාරයක් නොලැබුණහොත් අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා ඉහළ දැමීමට සිදුවන බවයි පෞද්ගලික බස් හිමියන් කියා සිටියේ.

මේ අතර ඉන්ධන මිල ඉහළ යාමෙන් ධීවර ප්‍රජාව දැඩි අසීරුතාවයට පත්ව සිටින බව සමස්ත ලංකා පොදු ධීවර සම්මේළනයේ ජාතික සංවිධායක රත්න ගමගේ ඊයේ පුත්තලමේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?