බස් ගාස්තුව ඉහළට ? – අවම ගාස්තු රුපියල් 30 වෙයි ?

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (12) සිට ඉන්ධන මිල වැඩි කිරීමට ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ කටයුතු කළා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 77 කින් ඉහළ යන අතර,එහි නව මිල වන්නේ රුපියල් 254 ක්.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 76 කින් ඉහළ යනවා.

ඒ අනුව එහි නව මිල රුපියල් 283 ක්.

සංස්ථා ඔටෝ ඩීසල් ලීටරයක මිලද රුපියල් 55 කින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමුණු අතර, ඔටෝ ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 176 ක්.

මීට අමතරව සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 95 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 254 ක් වනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා දිගින් දිගටම රජයෙන් ඉල්ලීම් කළ අතර, ඒ අනුවයි අද සිට ඔවුන් මෙලෙස ඉන්ධන මිල ඉහළ දමා ඇත්තේ.

ලංකා අයි.ඕ.සී. සමාගම ද පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු වර්ගයේ ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් ඉහළ නැංවීමට පියවර ගත්තා.

ඒ අනුව අයි.ඕ.සී. ඩීසල් ලීටරයක් මේ වනවිට රුපියල් 214 කට අලෙවි වන අතර, ඔවුන් පෙට්රල් ලීටරයක් මේ වනවිට අලෙවි කරන්නේ රුපියල් 254 කටයි.

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ක්‍ෂේත්‍ර ගණනාවක මිල ඉහළ යෑම් සිදුවන බව ඊයේ පාර්ශ්ව රැසක් ප්‍රකාශ කළා.

සහනාධාරයක් නොලැබුණහොත් අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා ඉහළ දැමීමට සිදුවන බවයි පෞද්ගලික බස් හිමියන් කියා සිටියේ.

මේ අතර ඉන්ධන මිල ඉහළ යාමෙන් ධීවර ප්‍රජාව දැඩි අසීරුතාවයට පත්ව සිටින බව සමස්ත ලංකා පොදු ධීවර සම්මේළනයේ ජාතික සංවිධායක රත්න ගමගේ ඊයේ පුත්තලමේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51
Video thumbnail
"අපි හැමෝම අතින් සුළු සුළු වැරදි වෙනවා" ඥානසාර හිමිට නිදහස පතා අත්සන් දස ලක්ෂයේ වැඩසටහන කළුතරදී
01:43
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ හිමිවරුන් - සමහර රජයන්ට ස්වාමීන්වහන්සේලා හරිම අප්‍රියයි
06:19