බලෙන් පිහිය අතට දීලා ඇන ගනින් කියලා කියන්නේ

පොහොර ලැබෙන තුරු මහවැලි සී කලාපයේ ගොවිතැන් කටයුතු නතර කිරීමට ගොවි සංවිධාන තීරණය කර තිබේ.

ඒ එලඹෙන මහ කන්නයට අදාළව පොහොර ලබාදීමේ ක්‍රමවේදය මෙතෙක් සකස් කර නොමැති බවට කන්න රැස්වීමේදී නිලධාරීන් පැවසීමත් සමගය.

එලඹෙන මහ කන්නයේ වගා කටයුතු සඳහා ජලය නිකුත් කිරීම හා වගා කාල සටහන පිළිබඳව මහවැලි සී කලාපයේ ගිරාඳුරුකෝට්ටේ ගොවීන් දැනුවත් කිරීමට කන්න රැස්වීම ඊයේ (06) පැවැත්වුණි.

ගිරාඳුරුකෝට්ටේ මහවැලි කොට්ඨාස කළමනාකරණ කාර්යාලයේ පැවැති මෙම රැස්වීමට ගොවි සංවිධාන 52ක නිලධාරීන් එක්වී තිබේ.

මෙහිදී ඉදිරිපත් කළ වගා කාල සටහනේ ගැටලු සහගත තත්ත්වයත් සමග ගොවීන්ගෙන් මහවැලි නිලධාරීන්ට දැඩි විරෝධයක් එල්ලවී තිබුණි.

පොහොර ලබාදීමේ ක්‍රමවේදයක් තවමත් සකස් කර නොමැති බවට නිලධාරීන් පැවසීමත් සමග එය නොසන්සුන් තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇත.

“අපිට රසායනික පොහොර නවත්වලා.  කාලසටහනක් හදලා දුන්නට අපිට කෝ වල්නාශක. දිගින් දිගටම වටේ යන්න ඕනේ නෑ. ගන්න තීන්දුවක් ගමු,” යනුවෙන් ගොවි සංවිධාන නියෝජිතයින් පැවසීය.

මේ අතර කන්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ ඊයේ පැවති කන්න රැස්වීමේදීද නොසන්සුන් තත්ත්වයක් ඇතිවී තිබේ.

“බලෙන් පිහියක් අතට දීලා මේ කියන්නේ ඇණ ගනින් කියලා. බලෙන් ෆෝම් එක දීලා.. මම පොහොර හදමි, මම පොහොර හදන්න පොරොන්දු වෙමි, මේ ඔක්කොම හිතාගෙන ඉන්නේ ගොවියට කැසිල්ල කියලා,” යනුවෙන් එහි සිටි ගොවීන් පැවසීය.

ඒ මහ කන්නයට අවශ්‍ය පොහොර නිකුත් කිරීමේ ක්‍රමවේදයේ ගැටලු පැවතීම හේතුවෙනි.

මේ අතර මුං වගාවට අවශ්‍ය පොහොර නොමැති නිසා ඇලහැර හා පරාක්‍රම ගොවිජන ව්‍යාපාරවල ගොවීන්ට වගාවන් සිදුකර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රට Lockdown කිරීමේ අවදානමක් තියෙනවා ?හිටපු ජනපතිලා කැඳවලා..ජාතික ආණ්ඩුවක් ප්‍රකාශයට පත් කරන්න
02:08
Video thumbnail
ආණ්ඩුවේ ඩෝබිලා දාලා තමයි මාධ්‍යයට සත්තම දාන්නේ..මේවා ඕකපාතිකව වෙන දේවල් නෙවෙයි
02:28
Video thumbnail
ඉදිරියේදී තැපැල් ප්‍රවාහනය දවසක් හැර දවසක් සිදුවෙන්නේ..ඉන්ධන නිසා තැපැල් දෙපාර්තමේන්තුවටත් බාධා
05:09
Video thumbnail
ඊයේ රෑ ඉදලා ආණ්ඩුව රට්ටුන්ට ෆුල් ආතල් එකක් දුන්නේ..මේ ආණ්ඩුව ස්වයං වින්දනයක ඉන්නේ
02:51
Video thumbnail
තිස්ස කුට්ටි ජනපති අනුර ගැන ගුණ වයයි..ෂෙඩ්වල පෝළිම් නෑ..ජනපතිට Respect කරනවා
04:52
Video thumbnail
"මෙතන කිසිම පෝළිමක් නෑනේ යන්න මහත්තයා ඔය මයික් එක අරගෙන"බොරු කරන්න එපා ඔයා - අපි සතුටින් ඉන්නේ
02:09
Video thumbnail
අනුර කුමාර කළුකඩ මුදලාලියෙක්..ඉන්ධන මිල වැඩිකිරීම නිසා විමල්ට තද වෙයි
04:33
Video thumbnail
ඉන්ධන අර්බුදය නිසා චාමරට යකා නගියි..ඔයාලට කරන්න බැරිනම් අපිට දෙන්න..කොමිස් එක අඩු කරලා දෙන්නම්
04:33
Video thumbnail
බස් සංගම්වලින් රතු එළියක්..බස් ගාස්තු වැඩි නොකළොත් අපි බස් ධාවනය නවත්තලා දානවා
02:25
Video thumbnail
බුදියගෙන නැගිටිනකොට වැඩේ හරි..සන්තෝෂයි.. මිනිස්සුන්ට නහුතෙටම තදවෙයි
03:41