බලශක්ති අවශ්‍යතාවය සපුරාලීමට න්‍යෂ්ටික බලාගාර ගැන රජයේ අවධානය

අනාගත බලශක්ති අවශ්‍යතාවය සපුරාලීම සඳහා න්‍යෂ්ටික බලශක්තිය විකල්පයක් ලෙස සලකා බැලීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.

එම තීරණය අනුව න්‍යෂ්ටික බලශක්තිය භාවිත කරමින් විදුලිය ජනනය කිරීමට කරුණු අධ්‍යයනය කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් හා ක්‍රියාකාරී කණ්ඩායම් 09ක් පත් කර ඇති බව වාර්තා වනවා.

ඒ, පිළිබදව අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා.

දැනට න්‍යෂ්ටික බලාගාර නිෂ්පාදනය කර ඇති රුසියාව වැනි රටවලින් ණය ආධාර පදනමක් මත න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකර ගැනීම සිදුකර ගත හැකි බවට යෝජනා ඉරිදිපත්ව ඇති බව ද මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළා.

05 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !