බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ 4ක් අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබේ.

නාඋල ඇළහැර මාර්ගයේ බකමූණ ප්‍රදේශයෙදී ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී එම පුපුරණ ද්‍රව්‍ය අත්අඩංගුවට ගත්  පොලීසිය පැවසීය.

ඒ අනුව ඇමෝනියා කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 230ක්, වෝටර් ජෙල් ග්‍රෑම් 135ක්, වෙඩි බෙහෙත් ග්‍රෑම් 20ක්, ඩෙටනේටර් කැප් 14ක්, වයර් රෝල්, ගල් විදින යන්ත්‍රයක් සහ තවත් උපකරණ කිහිපයක් පොලිස් භාරයටගෙන තිබේ.

සැකකරුවන් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.
 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?