spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බමන මතින් ආ මල්ලී, අයියාව ඝාතනය කරලා

බලංගොඩ, සේනක පෙදෙස, බලගහමුල ප්‍රදේශයේදී ඊයේ (18) රාත්‍රියේ සිදුවූ පහරදීමකින් පුද්ගලයෙකු ඝාතනයට ලක්ව තිබෙනවා.

බාල සොහොදරයෙකු විසින් වැඩිමල් සහෝදරයාට මෙලෙස පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පහරදීම සිදුකළ පුද්ගලයා බීමත්ව සිට ඇති අතර ඔහු සිය මව, පියා සහ වැඩිමල් සහෝදරයා සමඟ ඇතිකරගත් බහින් බස්වීමක් දුර දිග යෑමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ බලගහමුල ප්‍රදේශයේම පදිංචි 57 හැවිරිදි පුද්ගලයක්.

ඔහුගේ මෘත ශරීරය මේ වනවිට බලංගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අද (19) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
4
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?