බන්ධනාගාර වහලයට නැඟ විරෝධය පෑ රැඳවියා අව්ව ඉවසාගත නොහැකිව රෝහලට (ඡායාරූප)

යාපනය බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙකු ආහාර වර්ජනය කරමින් බන්ධනාගාරයේ වහලය මත නැඟ විරෝධතාවක නිරත වෙමින් සිටින අතරතුර දී ඇති වූ විජලන තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගතකර තිබෙනවා.

බන්ධනාගාර නිලධාරීන් සඳහන් කළේ අදාළ රැඳවියා ඊයේ (29) මෙලෙස රෝහල් ගත කළ බවයි.

මෙම රැඳවියා මාතර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙක් වන අතර, ඔහු පසුගිය 27 වනදා සිට ආහාර වර්ජනය කරමින් තමන් යාපනය බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාරයක් වෙත මාරුකර යවන ලෙස දන්වා සිටියා.

පෙරේදා (28) දිනයේ බන්ධනාගාරයේ වහලය මතට නැඟී මෙම රැඳවියා අඛණ්ඩව විරෝධතාවයේ නියැලී සිටි බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඊයේ (29) දිනයේ යාපනය ප්‍රදේශයට බලපෑ උෂ්ණාධික කාලගුණය හේතුවෙන් මෙම බන්ධනාගාර වහලය මත රැඳී සිටි රැඳවියා විජලන තත්ත්වයට පත්ව බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17