බන්ඩි පොහොර මිල 4,500කින් අඩුකෙරේ

බන්ඩි පොහොර හෙවත් MOP පොහොර මිල මෙම යල කන්නයේ දී රුපියල් 4500කින් අඩු කිරීමට මිල කමිටුවේ අනුමැතිය හිමි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

පසුගිය මහ කන්නයේ දී රජයට අයත් පොහොර සමාගම් දෙක විසින් කිලෝග්‍රෑම් 50කින් සමන්විත බන්ඩි පොහොර මිටියක් රුපියල් 19,500ක් බැගින් වූ මිලකට අලෙවි කරනු ලැබුවා.

එමෙන්ම පුද්ගලික අංශය විසින් බන්ඩි පොහොර මිටියක් රුපියල් 22,500ක් බැගින් වූ මිලකට අලෙවි කළා.

නමුත් මෙවර යල කන්නයේ දී ගොවි නිෂ්පාදන වියදම් අඩු කිරීමේ අරමුණ පෙරදැරිව බන්ඩි පොහොර මිල රුපියල් 15,000 දක්වා අඩු කිරීමට තමන් විසින් ඉදිරිපත් කළ යෝජනාවට 2023.05. 08 දින රැස්වූ මිල කමිටුව අනුමැතිය ලබා දුන් බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව ඊයේ (15 ) දිනයේ සිට බන්ඩි පොහොර රුපියල් 15,000ක මිලකට සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සළසා තිබෙනවා.

බන්ඩි පොහොර නිකුත් කිරීම අඛණ්ඩව ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් සිදු කරන අතර තමන්ට පහසු දිනයක බන්ඩි පොහොර මිල දී ගැනීමට ගොවීන්ට හැකිවන පරිදි අවශ්‍ය පහසුකම් සළසා තිබේ.

මේ අතර තමන්ට වී වගාවට අවශ්‍ය බන්ඩි පොහොර සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථානවල දී කඩිනමින් ලබාගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය දන්වා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
2
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?