බදු වැඩි කිරීමට ආසන්න සමයේ සීනි ආනයනයේ අසාමාන්‍ය වෙනසක් නැහැ – රංජිත් සියඹලාපිටිය

සීනි සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25 සිට රුපියල් 50.00 දක්වා ඉහළ නැවීමට ආසන්න සමයේ දී සීනි ආයනයේ අසාමාන්‍ය වෙනසක් නිරීක්ෂණය නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කෙසේ මෙම බදු වැඩි කිරීම හේතුවෙන් ආනයනකරුවන් විසින් අසාමාන්‍ය ලාභයක් උපයා ඇත් ද යන්න සොයා බැලීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් විගණනයක් ආරම්භ කර ඇති බවයි.

විපක්ෂ නායකවරයා විසින් ස්ථාවර නියෝග 27 (2) යටතේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද (07) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළා.

2023 වසරේ මේ දක්වා කාලය තුළ සීනි මෙට්‍රික් ටොන් 546,488ක් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති අතර, රේගු වාර්තාවලට අනුව වසරේ මුල් මාස පහට සාපේක්ෂව සෙසු මාසවල සීනි ආයනයනේ අඩුවක් දක්නට ලැබෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

බද්ද පනවන දිනය වන විට සීනි මෙට්‍රික් ටොන් 35,000ක් පමණ ආනයනය කර තිබූ අතර, එය හිඟයකින් තොරව සීනි ලබාදීම සඳහා ප්‍රමාණවත් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

බදු ඉහළ දැමීම මඟින් එවකට පැවැති සීනි තොගවල මිල ඉහළ දැමීම වැලැක්වීම සඳහා පාරිභෝගික සේවා අධිකාරිය මඟින් උපරිම සිල්ලර මිලක් නියම කළ අතර, එය මේ වන විට නිසි පරිදි ක්‍රියාත්මක වෙමින් පවතින බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

කිසියම් සමාගමක් සීනි ආනයනයෙන් අතිරේක ලාභයක් ලබා ඇත් ද යන්න සොයා බැලීම සහ එසේ ලාභයක් ලබාගෙන එය ආදායම් බදු ගණනයේ දී සැළකිල්ලට ගෙන නොමැති නම් අතිරේක බදු අය කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මඟින් විගණනයක් ආරම්භ කර ඇතැයි අමාත්‍යවරයා පැවසුවා.

අදාළ විගණනයෙන් පසු සවිස්තර වාර්තාවක් පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන බවයි සියඹලාපිටිය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර මධ්‍යසාර නිෂ්පාදන සමාගම් පහක් විසින් රුපියල් මිලියන 2,715ක් හිඟ බදු ලෙස රජයට ගෙවීමට ඇති බවත් ගෙවීම් ප්‍රමාදය නිසා මාසිකව අයකරන 3%ක දඩ මුදලත් සමඟ එය රුපියල් මිලියන 6,721ක මුදලක් බවත් අමාත්‍යවරයා පැවසුවා.

නියමිත දිනට බදු මුදල් නොගවීම හේතුවෙන් අදාළ සමාගම් පහෙන් හතරක බලපත්‍ර දීර්ඝ කර නොමැති අතර එක් සමාගමක් පමණක් අධිකරණමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ ඇති බැවින් එහි ඊළග නඩු දිනය යෙදෙන නොවැම්බර් මස 13 වනදා දක්වා අදාළ බලපත්‍රය දීර්ඝ කර තිබෙනවා.

අදාළ සමාගම් වෙත බදු මුදල් ගෙවා දැමීම සඳහා ගෙවීම් සැලසුමක් ලබා දී ඇතැයි සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ හිඟ බදු ගෙවීම සඳහා දෙසැම්බර් මස 29 වනදා දක්වා කල් ලබා දී ඇති බවයි.

මේ අතර රජය විසින් හඳුන්වා දුන් අත්තිකාරම් පුද්ගල ආදයම් බද්ද මඟින් වසරේ මුල් මාස නව තුළ පමණක් වසරේ අපේක්ෂිත ඉලක්කය වූ රුපියල් බිලියන 100 ඉක්මවා යමින් රුපියල් බිලියන 107.1ක ආදායමක් ලැබී ඇතැයි අමාත්‍යවරයා පැවසුවා.

ඉදිරි මාස තුන තුළ එය පුරෝකතනය කළ විට රුපියල් බිලියන 150ක ආදායමක් ළඟා කරගත හැකි අතර, එය ඇස්තමේන්තුගත ආදායමේ 150%ක වර්ධනයක් බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11