බදු අගයන් ඉහළ දමන්න අවශ්‍ය පියවර ගන්නා බව මුදල් ඇමති කියයි

දැනට පවතින බදු ආදායම කිසිසේත් ප්‍රමාණවත් නොවන බැවින් ඉදිරියේදී බදු වැඩිකිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බව මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සඳහා ඇමරිකාවට ගොස් සිටින මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විදෙස් මාධ්‍ය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.