බදු හඳුනාගැනීමේ අංකයක් (TIN number) ලබා ගත් පමණින් යමෙකුට බදු ගෙවීම සඳහා බැඳියාවක් ඇති නොවන බවත්, වාර්ෂික බදු නිදහස් කිරීමේ සීමාව වන රුපියල් මිලියන 1.2ට වඩා වැඩි ආදායමක් ලබන වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින් පමණක් බදු ගෙවීම සඳහා වගකීමෙන් බැඳෙන බවත් මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
කෙසේ වෙතත් පෙබරවාරි පළමුවනදා සිට 18ට වැඩි සෑම පුද්ගලයෙකුම ජංගම ගිණුමක් විවෘත කිරීමේදී, ගොඩනැගිලි සැලසුම් අනුමැතිය ඉල්ලා සිටින අවස්ථාවකදී, මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීමේදී, බලපත්‍රයක් අලුත් කිරීමේදී සහ ඉඩමේ අයිතිය ලියාපදිංචි කිරීමේදී බදු අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය වනු ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
4
+1
10
+1
2
+1
+1
1
+1
7