බදුල්ල මහ රෝහලේ දොස්තරලා ඇතුළු සේවකයින් විරෝධතාවක (ඡායාරූප)

බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරු ඇතුළු සේවකයින් අද (02) දහවල් රෝහල ඉදිරිපිට දී නිහඬ විරෝධතාවක නිරත වුණා.

එම රෝහලේ වෛද්‍යවරයෙකුට සහ කාර්ය මණ්ඩලයට පිරිසකට සිදුකළ පහරදීමකට විරෝධය පළකරමින් මෙම විරෝධතාව පැවැත් වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ (01) සවස 6.00ට පමණ වයස අවුරුදු 18ක පමණ තරුණියක් ගෙළ වැළලාගැනීමෙන් පසු ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඇයගේ ජීවිතය බේරාගැනීමට වෛද්‍යවරු අපොහොසත් වී ඇති අතර, ඊට කෝපයට පත් පිරිසක් රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට බලහත්කාරයෙන් ඇතුළු වී මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව අදාළ පහරදීමට විරෝධය දක්වමින් සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම සහ වෛද්‍යවරුන්ගේ මෙන්ම රෝහල් සේවකයින්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරදෙන ලෙස ඉල්ලා අද දිනයේ මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා.

කෙසේ වෙතත් මේ වන විටත් පහරදීමට අදාළව දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි බදුල්ල පොලීසිය සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.23
00:00
Video thumbnail
විපක්ෂයේ ඉන්න කාලේ ජොපර්වලින් අලි පන්නනවා කිව්වේ - රුවන්වැලිසෑ නායක හාමුදුරුවන් හමුවී ගොවි දුක කියයි
05:59
Video thumbnail
සුපිරි වෙළඳ සංකීර්ණයක රහසිගත ගබඩාවකින් මතුවූ කෝටි ගානක ස්මාර්ට් ජංගම දුරකථන
02:07
Video thumbnail
ටිල්වින් වැරැද්ද පිළිගෙන සමාව ගත්තා - එකළොස් ලක්ෂයක් නඩු බෝල්ට් පොයින්ට් පෑනෙන් විසඳන්න බැහැ
07:24
Video thumbnail
දුම ගැහුවට වැඩක් නෑ ආයේ එනවා මදුරුවෝ - පරිසරයේ අනිත් සත්තුන්ට මේක හොඳ නෑ
04:05
Video thumbnail
මහවැලි ගඟේ දිය නෑමට ගොස් 10 වසර ළමයෙක් ගි# අතුරුදහන් - "එයා පීනගෙන එද්දි යට ගියා"
02:21
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40
Video thumbnail
වැලිගම දින 90 සුපිරි වැඩසටහන - ටොෆි කොලයක් පාරට දාන්නේ නැති සමාජයක් හදනවා
04:54
Video thumbnail
වසර 12ක් විභාග වූ ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි
01:12
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක වැදී යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:30