බත් කන හරක් තව ඉන්නවාදැයි ඇසූ පුද්ගලයාට පහර දුන් නාගරික මන්ත්‍රීට ඇප

ඊයේ (28) පස්වරුවේ සමගි ජන බලවේගයේ ක්‍රියාකාරින් පිරිසක් කළුතර නගර මධ්‍යයේ පැවැත්වූ විරෝධතාවයක් අතරතුර මාර්ගයේ ගමන්කල පුද්ගලයෙක් සිය යතුරු පැදිය විරෝධතාවය ඉදිරිපිට නවතා “බත් කන හරක් තව සිටිනවාදැයි ” විමසු අවස්ථාවේ ඔහුට පහරදුන් කළුතර මහ නගර සභා මන්ත්‍රීවරයා ලක්ෂ 02 ක ශරීර ඇප 02ක් මත මුදාහරින ලෙස කළුතර අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.

කළුතර මහ නගර සභා සමගි ජන බලවේගයේ මන්ත්‍රී ජයනාත් නවරත්න මෙසේ ඇප මත මුදාහැර තිබෙනවා.

නඩුවේ ඉදිරි විමර්ශන වලට බාධානොකරන ලෙසටද මන්ත්‍රීවරයාට නියෝග කර තිබෙනවා.

නඩුව ලබන අප්‍රේල් 27 දින යලි කැදවීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි - රිලව් වගේ කෑගහුවාට බලය තියෙන්නේ පොඩි කාලයයි
21:09
Video thumbnail
අපිට විශ්වාසයි සංචාරක ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවක් ඇති වෙනවා - මෙතන කිසිම ගැටුමක් නෑ
05:34
Video thumbnail
ජලය නැතුව වන සතුන් අමාරුවේ - ජල මාර්ග සිඳී යයි
00:40
Video thumbnail
රනිල් රටේ ජනතාව නොමඟ යවනවා
03:06
Video thumbnail
දහස් ගණන් මිනිස්සු ගැවසෙන, පොලිසිය පේන දුරින් කාන්තාවක් ප්‍රසිද්ධියේම කුඩු ගස# හැටි..
00:36
Video thumbnail
ඇයි ජනපතිතුමා මේ රිපෝට් හැංගුවේ..?DV චානක ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි
08:58
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ සිස්ටම් එකමයි තාම යන්නේ
12:37
Video thumbnail
ලාල් කාන්තගේ කතාවට චාමර සම්පත් රිදෙන්නම දෙයි
07:49
Video thumbnail
22වන සංශෝධනය සමඟ මාලිමාවේ ඒකාධිපති බළලා මල්ලෙන් එළියට එනවා - පොහොට්ටුවෙන් චෝදනා
05:54
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු අනතුරේ ඇත්ත කතාව එළියට - "ගිනිගයි කියන බයට පෙරලුවේ ඒක"
06:20