බත් උයන්න ගෑස් නැහැ…බත් ඔතන්න කොලත් නැහැ…

මේ දිනවල පවතින ගෑස් හිඟය නිසා ආපනශාලා සහ සුළු වශයෙන් ආහාර පාර්සල් කර ව්‍යාපාරයන්ගේ නියැලෙන්නන්ට නම් උදා වී තිබෙන්නේ එතරම් හොද කාලයක් නොවන බව ප්‍රසිද්ධ රහසක්.උග්‍ර ගෑස් හිඟය සහ ගෑස් මිල අධික වීම නිසා ආහරවල මිල ගනන් ඉහල යෑම පසුගිය මාසයට කිහිප වතාවක්ම සිදු වූවා.

මේ වන විට ඔවුන් මුහුනපා සිටින අලුත්ම අර්බුදය කඩදාසි හිඟයයි.ඔවුන් පවසන ආකාරයට කඩදාසී කිලෝවක මිල මීට පෙර පැවති මිලට වඩා බොහෝ සෙයින් වැඩි බවත් ඇතැම් පලාත්වල එම මිලට හෝ කඩදාසි සොයා ගැනීමට නැති බවත් බොහෝ වෙළෙදුන් පවසනවා.

ඔවුන් පවසන ආකාරයට ඉදිරියේදී කෑම පාර්සලයක මිල වැඩි කිරීම හෝ කෑම පාර්සල් කර විකිනීම නවතා දැමීම හැර වෙනත් විකල්පයක් නැති බවයි.

  1. පුන්නක්කු එහෙම තියෙනවද? ඒව ප්‍රශ්නයක් උනේ නැත්තම් රාජපක්ශලට කඩේ යන අයට ප්‍රශ්නයක් නැති වෙයි. නැතුව ඉතින් මෙච්චර දෙයක් වෙලත් තාම කඩේ යනව කියල පුන්නක්කු තමයි කනව ඇත්තෙ.