Empty Ad
AFC Banner
Empty Ad

බණ්ඩාරවෙල ලංගම බස් වර්ජනයක

බණ්ඩාරවෙල ලංගම ඩිපෝවේ බස් රථ අද (08) පෙරවරුවේ සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

බණ්ඩාරවෙල – දියතලාව මාර්ගයේ දී ලංගම බස් රථ රියදුරෙකුට සහ කොන්දොස්තරවරයෙකුට පුද්ගලික බස් රථ රියදුරෙක් විසින් සිදුකළ පහරදීමකට විරෝධය පළකරමින් මෙම වර්ජනය ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.

එම ලංගම ඩිපෝව මඟින් ධාවනය කරන බස් රථ සියල්ල මේ වනවිට බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුම්පොළ පුරා ගාල්කර ඇති අතර, බස් නැවතුම්පොළට පුද්ගලික බස් රථ ඇතුළු කිරීමට ලංගම රියදුරන් සහ කොන්දොස්තරවරුන් විසින් ඉඩ ලබානොදෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ හේතුවෙන් බණ්ඩාරවෙල නගරයේ සිට ගමන් පහසුව සලසා ගන්නා මගී ජනතාව මහත් අපහසුතාව පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර පහර කෑමට ලක්වූ ලංගම බස් රථ රියදුරා සහ කොන්දොස්තරවරයා මේ වනවිට බණ්ඩාරවෙල දිසා රෝහලේ ප්‍රථිකාර ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
5
+1
0
+1
0
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?