බණ්ඩාරවෙල ලංගම බස් වර්ජනයක

බණ්ඩාරවෙල ලංගම ඩිපෝවේ බස් රථ අද (08) පෙරවරුවේ සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

බණ්ඩාරවෙල – දියතලාව මාර්ගයේ දී ලංගම බස් රථ රියදුරෙකුට සහ කොන්දොස්තරවරයෙකුට පුද්ගලික බස් රථ රියදුරෙක් විසින් සිදුකළ පහරදීමකට විරෝධය පළකරමින් මෙම වර්ජනය ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.

එම ලංගම ඩිපෝව මඟින් ධාවනය කරන බස් රථ සියල්ල මේ වනවිට බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුම්පොළ පුරා ගාල්කර ඇති අතර, බස් නැවතුම්පොළට පුද්ගලික බස් රථ ඇතුළු කිරීමට ලංගම රියදුරන් සහ කොන්දොස්තරවරුන් විසින් ඉඩ ලබානොදෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ හේතුවෙන් බණ්ඩාරවෙල නගරයේ සිට ගමන් පහසුව සලසා ගන්නා මගී ජනතාව මහත් අපහසුතාව පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර පහර කෑමට ලක්වූ ලංගම බස් රථ රියදුරා සහ කොන්දොස්තරවරයා මේ වනවිට බණ්ඩාරවෙල දිසා රෝහලේ ප්‍රථිකාර ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56