බණ්ඩාරනායක ගුණ සමරන්න තැන් දෙකක උත්සව (ඡායාරූප)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ සහ හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායකගේ 124 වැනි ඡන්ම දින සැමරුම අදට (08) යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් දෙකක් වෙන වෙනම සැමරුම් උත්සව සංවිධානය කර තිබුණා.

ඉන් එක් සැමරුම් උත්සවයක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.

ඒ, ගාලු මුවදොර පිහිටි එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක පිළිරුව අසලදීයි.

මෙම සැමරුම් උත්සවයට නිදහස් පක්ෂයෙන් ඉවත්ව ආණ්ඩු පක්ෂයේ අමාත්‍ය ධුර දරණ, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, නිදහස් පක්ෂයේ හිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ඇතුළු පිරිසක් සම්බන්ධ වී සිටියා.

මේ අතර අනෙක් සැමරුම් උත්සවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂ මූලස්ථානයේ දී පැවැත් වුණා.

නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවයට එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුළු පක්ෂ සාමාජික සාමාජිකාවන් එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14