බඩ ඉරිඟු ගොවීන්ගෙන් මැසිවිලි

අනුරාධපුර, ගල්පොත්තේගම කරුක්කන්කුලම ප්‍රදේශයේ බඩ ඉරිඟු වගාව තුළ පැතිරී යන හඳුනානොගත් දිලීර රෝගයක් හේතුවෙන් මේ වන විට අක්කර පන්සීයක් පමණ විනාශයට පත්ව ඇති බව ගොවීන් පවසනවා.

දින කිහිපයක් තුළදී වගාව තුළ ශීඝ්‍රයෙන් පැතිරී යන මෙම දිලීර රෝගය හේතුවෙන් අස්වනු නෙළීමට ආසන්නව පැවති බඩඉරිඟු වගාව සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ වන විට විනාශයට පත් බඩඉරිඟු වගාවට යාබදව ඇති අනෙකුත් බඩ ඉරිඟු වගාවන් තුළද මෙම දිලීර රෝගය පැතිර යමින් පවතින බව සඳහන්.

මෙම දිලීර රෝගයට ගොදුරු වූ බඩ ඉරිඟු ගස කුණු වී කරල් ද කුණුවී දුගඳක් හමන අතර පසුව එම බඩඉරිඟු ගස කරල සමඟ කඳින් බිමට කඩා වැටෙන බව ගොවීන් පවසනවා.

මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කළ අතර මෙම දිලීර රෝගය පිළිබඳව එම නිලධාරීන් ද මෙතෙක් දැනුවත් නොමැති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.

සිය කනකර ද උකස් තබා බඩඉරිඟු වගාව සිදු කල බවත් මේ වනවිට වගාවට අත්ව ඇති ඉරණම හේතුවෙන් තමන්ට දැඩි දුෂ්කරතාවයට මුහුණපා ඇති බව ගොවීන් ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකරන ලෙසටයි ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මොකක්ද මැඩම් මේ කරන වැඩේ තේරුම..
04:20
Video thumbnail
වැලිගම W15 හෝටලයට වෙ# තැබීමේ සිද්ධියට අධිකරණයට ආ දේශබන්දු
01:24
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23