spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බඩ ඉරිඟු ගොවීන්ගෙන් මැසිවිලි

අනුරාධපුර, ගල්පොත්තේගම කරුක්කන්කුලම ප්‍රදේශයේ බඩ ඉරිඟු වගාව තුළ පැතිරී යන හඳුනානොගත් දිලීර රෝගයක් හේතුවෙන් මේ වන විට අක්කර පන්සීයක් පමණ විනාශයට පත්ව ඇති බව ගොවීන් පවසනවා.

දින කිහිපයක් තුළදී වගාව තුළ ශීඝ්‍රයෙන් පැතිරී යන මෙම දිලීර රෝගය හේතුවෙන් අස්වනු නෙළීමට ආසන්නව පැවති බඩඉරිඟු වගාව සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ වන විට විනාශයට පත් බඩඉරිඟු වගාවට යාබදව ඇති අනෙකුත් බඩ ඉරිඟු වගාවන් තුළද මෙම දිලීර රෝගය පැතිර යමින් පවතින බව සඳහන්.

මෙම දිලීර රෝගයට ගොදුරු වූ බඩ ඉරිඟු ගස කුණු වී කරල් ද කුණුවී දුගඳක් හමන අතර පසුව එම බඩඉරිඟු ගස කරල සමඟ කඳින් බිමට කඩා වැටෙන බව ගොවීන් පවසනවා.

මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කළ අතර මෙම දිලීර රෝගය පිළිබඳව එම නිලධාරීන් ද මෙතෙක් දැනුවත් නොමැති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.

සිය කනකර ද උකස් තබා බඩඉරිඟු වගාව සිදු කල බවත් මේ වනවිට වගාවට අත්ව ඇති ඉරණම හේතුවෙන් තමන්ට දැඩි දුෂ්කරතාවයට මුහුණපා ඇති බව ගොවීන් ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකරන ලෙසටයි ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?