බටහිර සසෙක්ස් ප්‍රාන්ත කවුන්සිලයේ උප සභාපති සුජාන් නිරෝධායන අත්දැකීම ගැන කියන කතාව

බටහිර සසෙක්ස් ප්‍රාන්ත කවුන්සිලයේ උප සභාපතිවරයෙකු වන සුජාන් වික්‍රමරත්න තම බිරිඳ සමඟ ශ්‍රී ලංකාවට පසුගියදා පැමිණ තිබෙනවා. මෙරටට පැමිණි ඔවුන් නැවතත් ඔවුන් පදිංචි West Sussex වෙත ගොස් තිබෙනවා. එරටට ඇතුළු වීමෙන් පසු ගුවන් තොටුපොල පරිශ්‍රයේ පී. සී. ආර් පරීක්ෂණ ප්‍රතිපල එනතුරු නිරෝධායනය වීමට කුඩා හෝටලයක කුඩා කාමරයකට ඔවුන්ව යොමු කර තිබෙනවා. එහි බියකරු අත්දැකීම් ගැන ඔහු මාධ්‍ය වෙත පවසා තිබෙනවා.
තම බිරිඳ සමඟ ඉතා කුඩා කාමරයක නිරෝධායනය වන බව පවසන ඔහු කියා සිටින්නේ ඒ අත්දැකීම කිසිදු පුද්ගලයෙකු අත්විදිය යුතු අත්දැකීමක් නොවන බවයි. එතරම් අප්‍රසන්න අත්දැකීමක් බව ඔහු පෙන්වා දෙනවා. ඔවුන්ට ලබා දුන් ආහාර පාන ඉතාම පහත් මට්ටමක ඒවා බවයි ඔහු පෙන්වා දෙන්නේ. “අපිට හරි වාතාශ්‍රයක් නැහැ, සෞඛ්‍ය සම්පන්න ආහාර පාන නැහැ , කාඩ්බෝඩ් තැටියක තියලා අපිට කුඩා කවුළුවකින් තමයි කෑම දෙන්නේ. මේ හෝටලයේ කුඩා කාමරයක හිර වෙලා වගේ අපි ඉන්නේ. මේ හිර වුනු කුඩා කාමරයේ නිරෝධායනය වෙන්න අපි පවුම් 3,715 (ලංකා මුදලින් 1014720.41) ක් ලබා දුන්නා. මම වසර 45 ක් බ්‍රිතාන්‍ය පුරවැසියෙකු වෙනවා. මේ වගේ අත්දැකීමකට මම කවදාවත් මුහුණ දීලා නැහැ. මෙතරම් මුදලක් ගෙවලත් අපිට සැලකුවේ සතුන්ට සලකනවා වගේ, හොඳ පහසුකම් සහිත කාමරයක් ඉල්ලුවත් ඔවුන් අපිට ලබා දුන්නේ නැහැ . හේතුව විදිහට කිව්වේ සියලු කාමර සම්පුර්ණ වෙලා කියලයි.. හෝටලයකට යොමු කරන්න පැය දෙක හමාරක් ගත වුනා. එය ඉතා කුඩා වේලාවකදී කරන්න පුළුවන්කම තියෙද්දී එතරම් කාලයක් ගත්තේ ඇයි කියලා හිතා ගන්න බැහැ. බදාදා පෙරවරු 9.30 ට අපිව පරීක්‍ෂා කලේ. විදෙස් ගත වෙලා එන අය ගුවන් තොටුපලේදී කොතරම් අසරණව හිටියාද කියලා අපි ඇස් දෙකට දැක්කා. මෙහෙම දෙයක් කරන්න එපා කියලයි ඉල්ලන්නේ. මේ වගේ ඉරණමකට කවුරුත් ගොදුරු වෙන්න එපා, මේ සිදුවීම ගැන මම කණගාටු වෙනවා…ඒ වගේම මගේ මව් රට ශ්‍රී ලංකාව මිට වඩා විදේශිකයින්ට සලකනවා.. පහසුකම් සලසනවා..මෙතරම් අපහසුවක් මගේ රටේදී මම දැක්කේ නැහැ..” යැයි හෙතෙම ප්‍රකාශ කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?