බටහිර පිලිපීන මුහුදේ චීන නෞකා 207ක්

පිලිපීන නාවික හමුදාව අඟහරුවාදා (10) කියා සිටියේ බටහිර පිලිපීන මුහුදේ අවම වශයෙන් චීන නැව් 207 ක් වාර්තා කළ බවයි.

මෙම අගය මේ වසර තුළ වාර්තා වූ ඉහළම සංඛ්‍යාව වනවා.

සැප්තැම්බර් 3 සිට 9 දක්වා ප්‍රදේශයේ සමුද්‍ර මිලීෂියා යාත්‍රා 182ක්, චීන වෙරළාරක්ෂක (CCG) යාත්‍රා 18ක්, මහජන විමුක්ති හමුදා නාවික (PLAN) යාත්‍රා 6 ක් සහ පර්යේෂණ සහ සමීක්ෂණ යාත්‍රා 1 ක් තිබූ බව මෑත දත්ත පෙන්වා දෙනවා.

මෙය අගෝස්තු 27 සිට සැප්තැම්බර් 2 දක්වා වාර්තා වූ නැව් 203 ට වඩා තරමක වැඩිවීමක්.

පසුගිය අගෝස්තු 31 වැනිදා චීන වෙරළාරක්ෂක යාත්‍රාවක් ගැටීමෙන් පිලිපීන යාත්‍රාවක් අනතුරට ද ලක් වුණා.

පිලිපීන වෙරළාරක්ෂක බලකායට සහාය වීමට පිලිපීන නාවික හමුදාව සහ පිලිපීනයේ සන්නද්ධ හමුදාවන් සූදානමින් පසුවන බවද වාර්තා වනවා.