බටහිර ඉන්දීය කොදෙව් දැවැන්තයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්ඩ්‍රේ රසල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

ලෝක කුසලාන පන්දුවට 20 තරගාවලියට තවත් මාස 07ක පමණ කාලයක් තිබිය දී ඔහු සිය විශ්‍රාම ගැනීම නිවේදනය කිරීම විශේෂත්වයක්.

ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ ඕස්ට්‍රේලියාවට එරෙහි පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ; ඔහුගේ නිජබිම වන ජැමෙයිකාවේ සබීනා පාර්ක් හිදී පැවැත්වෙන පළමු තරඟ දෙකෙන් අනතුරුව රසල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනා බවයි දැනුම් දී ඇත්තේ.

37 හැවිරිදි වියේ පසුවන රසල් 2019 සිට විස්සයි විස්ස තරග පමණක් නියෝජනය කළ අතර, කොදෙව් දේශය වෙනුවෙන් දැනට තරඟ 84ක් ක්‍රීඩා කර තිබෙනවා.

ඔහු කොදෙව් දේශය වෙනුවෙන් ටෙස්ට් තරගයකට සහ එක්දින තරග 56කට ක්‍රීඩා කර තිබෙනවා.

කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන්ට පසුව මාස දෙකකටත් අඩු කාලයකින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් දෙවන කොදෙව් ක්‍රීඩකයා බවට රසල් පත්වනු ඇති.

මේ අතර සංචාරක ඔස්ට්‍රේලියාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ කොදෙව් සංචිතය නම්කර තිබෙනවා.

ෂායි හෝප් (නායක), ජුවල් ඇන්ඩෲ, ජෙඩියා බ්ලේඩ්ස්, රොස්ටන් චේස්, මැතිව් ෆෝඩ්, ෂිම්රොන් හෙට්මියර්, ජේසන් හෝල්ඩර්, අකේල් හොසේන්, අල්සාරි ජෝසප්, බ්‍රැන්ඩන් කිං, එවින් ලුවිස්, ගුඩකේෂ් මෝටි, රොව්මන් පවෙල්, ඇන්ඩ්‍රේ රසල්, ෂර්ෆේන් රදර්ෆර්ඩ්, රොමාරියෝ ෂෙපර්ඩ්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
2
+1
2
+1
17
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?