බංග්ලාදේශයේ බස් අනතුරකින් 17ක් ජීවිතක්ෂයට

නිරිතදිග බංග්ලාදේශයේ මගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පොකුණකට පෙරලීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ජලකාති දිස්ත්‍රික්කයේ මෙම අනතුර සිදුවී ඇත්තේ මගීන් 60කට වැඩි පිරිසක් රැගත් බස් රථය බන්ඩාරියා උප දිස්ත්‍රික්කයේ සිට බැරිෂාල් වෙත යමින් සිටියදීයි.

රියදුරුට රථය පාලනය කරගත නොහැකි වීමෙන් පසු එය අසල තිබූ පොකුණට වැටී ඇතැයි සඳහන්.

ඊයේ පෙරවරු 9:55ට මෙම අනතුර සිදුවී ඇති අතර, රික්ෂෝවකට ඉඩ දීමේදී බස් රථයේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් අනතුර සිදුවී ඇති බවටයි මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

කිමිදුම්කරුවන් විසින් මළ සිරුරු 17 ක් සොයාගෙන ඇති අතර, අධික මෝසම් වර්ෂාවෙන් පසුව ජලයෙන් පිරී ඇති පොකුණෙන් බස් රථය ගොඩගැනීමට දොඹකරයක් ද යොදාගෙන තිබෙනවා.

මියගිය අය අතර කාන්තාවන් අට දෙනෙකු සහ ළමුන් තිදෙනෙකු සිටින බව සඳහන්.

තවත් මළ සිරුරු බසය තුළ සිරවී ඇතැයි සැක කෙරෙන අතර තුවාලකරුවන් 20 දෙනෙකු ජලකති ප්‍රධාන රජයේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. අනතුර සිදුවන විට බස් රථය තුළ මගීන් 65 දෙනෙකු සිටි බවටයි විශ්වාස කෙරෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56