බංග්ලාදේශයේ ආරක්ෂක තත්ත්වය පිළිබද ඉන්දියාවේ කනස්සල්ල

බංග්ලාදේශයේ පිරිහෙමින් පවතින ආරක්ෂක තත්ත්වය, විශේෂයෙන් ඩකා හි ඉන්දීය දූත මණ්ඩලය ඉලක්ක කරගත් තර්ජන සම්බන්ධයෙන් තම දැඩි කනස්සල්ල පළ කිරීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍යංශය විසින් එරට සිටින බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා ඊයේ (18) පස්වරුවේ කැඳවනු ලැබුවා.

බංග්ලාදේශය ඩකා හි ඉන්දීය මහ කොමසාරිස්වරයා කැඳවා, හිටපු අගමැතිනි ෂෙයික් හසීනා විසින් ඉන්දීය භූමියේ සිට කරන ලද “ගිනි අවුලුවන ප්‍රකාශ” ලෙස හැඳින්වූ දෙයකට විරෝධය පළ කිරීමෙන් දින දෙකකට පසුව මෙම පියවර ගෙන තිබෙනවා.

බංග්ලාදේශය පවසා තිබුණේ හිටපු අග්‍රාමත්‍යවරියගේ එවැනි ප්‍රකාශ රටේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට බලපෑම් කරනු ඇති බවයි.

විරෝධතාකරුවන් පිරිසක් බදාදා දහවල් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දෙසට පා ගමනක් ආරම්භ කළ අතර, හසීනා පිටුවහල් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඔවුන්ගේ සටන් පාඨ වුණා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව, ඩකා හි ඉන්දීය දූත මණ්ඩලය අවට ආරක්ෂක තත්වයක් ඇති කිරීමට සැලසුම් කර ඇති බවට චෝදනා එල්ල වී ඇති ඇතැම් අන්තවාදී කොටස් විසින් සිදුකරන ලද ක්‍රියාකාරකම් පිළිබඳව මහ කොමසාරිස් රියාස් හමිදුල්ලා මහතාට දැනුම් දී තිබෙනවා.

නවදිල්ලිය පැවසුවේ මෙම වර්ධනයන් බරපතල කනස්සල්ලට කරුණක් බවයි.

නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්කාලීන පරිපාලනයක් යටතේ පෙබරවාරි 12 වන දින බංග්ලාදේශය ජාතික මැතිවරණයකට සූදානම් වෙමින් සිටිනවා.

හසීනා දිල්ලියට පලා ගිය දා සිට ඉන්දියාව සහ බංග්ලාදේශය අතර සබඳතා ක්‍රමයෙන් පිරිහෙමින් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ජනාධිපතිතුමාට දාපු කින්ඩිය
08:41
Video thumbnail
චාමරට යකා නගියි.."මොකාද මේ ව්‍යසනය අස්සේ වාහන ගන්නේ..නිල්පාට ගෑස් හිඟයක් අනිවාර්යෙන් ඇතිවෙනවා"
08:20
Video thumbnail
නිල නිවාස අහිමි වුණු පොලිස් නිලධාරීන්ගේ බිරින්දෑවරු ජනපතිට දුක කියන්න එයි
06:03
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
07:43
Video thumbnail
"බලය දෙන්න අවුරුදු 3ක් ඇතුළත අලි මිනිස් ගැටුමට විසඳුමක් දෙනවා'' රාහුල හිමිගෙන් රටටම පොරොන්දුවක්
04:12
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලගෙන නීති විරෝධී වැඩ කරනවා
04:03
Video thumbnail
"කුරහන් සාටකය" කරෙන් ග#ලවගෙනම නාමල් උසාවිය ඇතුලට ගිය හැටි..නාමල් එක්ක කට්ටිය සෙල්ෆි ග#යි
05:45
Video thumbnail
නාමල් මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."ඔයාලා හික් හික් ගගා ඉන්න..මිනිස්සුන්ට මේකේ වේදනාව තියෙන්නේ"
11:51
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."රන්වලගේ මූණ මිරිකුවත් අරක්කු බාගයක් ගන්න පුළුවන්"
07:57
Video thumbnail
මෙතන රෝහලක් පවත්වාගෙන යන එක අවදානම්..වත්තෙගම දිස්ත්‍රික් රෝහල බලන්න ගිය සෞඛ්‍ය නි.ඇමති කිව්ව දේ
03:51


?