බංග්ලාදේශයට ලකුණු 280ක ඉලක්කයක් – අසලංකගෙන් ශතකයක්

එක්දින ක්‍රිකට් ලෝක කුසලානය යටතේ අද පැවැත්වෙන තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 280ක ඉලක්කයක් හිමි වුණා.

ඒ මීට ටික වේලාවකට පෙර පන්දු වාර 50 අවසාන වීමට පෙර සියල්ලන් ම දැවී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 279ක් ලබා ගැනීමත් සමගින්.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම පළමු ව පන්දු රැකීම තෝරා ගත්තා.

එම ඇරයුමෙන් ලකුණු රැස් කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන්ට සාර්ථක වීමේ ඉඩක් බංග්ලාදේශයෙන් හිමිවූයේ නැහැ.

දිමුත් වෙනුවට කණ්ඩායමට එක් වූ කුසල් පෙරේරා ලකුණු 04ක් ද, නායක කුසල් මෙන්ඩිස් ලකුණු 19කට දැවී ගියේ ශ්‍රී ලංකා පිතිකරණය යළි යළිත් හෙම්බත් කරමින්.

එලෙස ප්‍රබල පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යද්දී සීරුවෙන් ලකුණු අතරට එමින් සිටි පැතුම් නිස්සංක සහ සදීර සමරවික්‍රම ද ලකුණු 41කට අවාසනාවන්ත අයුරින් දැවී ගියා.

ඉන් අනතුරුව පිටියට පිවිසි ඇන්ජිලෝ මැතිව්ස් හට සිදු වූයේ කිසිදු පන්දුවකට මුහුණ නොදී දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස යළිත් ක්‍රීඩාගාරයේ අසුනක් වෙන් කරගන්නටයි.

පන්දුවට පහරදීමට පිටියට පිවිසි මැතිව්ස් ඊට සූදානම් වීමට සිය හිස් ආවරණය පැළඳීමට උත්සාහ කිරීමේ දී, එය කැඩී යාම හේතුවෙන්, නව හෙල්මටයක් සිය සගයෙකු වූ චාමික කරුණාරත්න හරහා ගෙන්වා ගැනීම සිදු කළා.

නමුත් එය තරගයේ කාලයට හරස් වීමක් ලෙස සලකමින්, නායක ශකීබ් ඉල්ලූ ඉල්ලීම පිළිගනිමින් විනිසුරුවරයා තීරණය කළේ මැතිව්ස් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස සැලකීමටයි.

ඒ අනුව කිසිදු ලකුණකට හෝ පන්දුවකට මුහුණ නොදී මැතිව්ස් 05 වැනි කඩුල්ල ලෙස දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 130ක් පමණ ආසන්නයේ සිටියදියි.

ඉන් අනතුරුව ප්‍රවේසම්කාරී ඉනිමක් ක්‍රීඩා කරමින් අද ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළට ඔසවා තැබීමේ වැඩිම ගෞරවය චරිත් අසලංක දිනා ගත්තා.

ඒ සිය ජාත්‍යන්තර දෙවැනි එක්දින ශතකය ලබා ගනිමින්.

ඔහු පන්දු 105කට දැවැන්ත හයේ පහර 06ක් සහ හතරේ පහර 05ක් සමගින් ලකුණු 108ක් ලබා ගත්තා.

ධනංජය ද සිල්වා ලකුණු 34ක් ද මහීෂ් තීක්ෂණ ලකුණු 22ක් ද ලබා ගැනීම කැපී පෙනුණා.

කඩුලු බිඳ හෙලීමේ දී Tanzim Hasan Sakib කඩුලු 03ක් ද, Shoriful Islam සහ Shakib Al Hasan කඩුලු 02ක බැගින් ද බිඳ දැමුවා.

එක් කඩුල්ලක අයිතිය Mehidy Hasan Miraz හට හිමි වුණා.

ඒ අනුව අද තරගය ජය ගනිමින් එළඹෙන චැම්පියන්ස් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට නම්, දෙපිළට ම අද තරගයේ ජය අතිශය වැදගත් වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40