spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බංග්ලාදේශයට නව ටෙස්ට් නායකයෙක්

බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට යළිත් වරක් තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් පත් කරන්නට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

ඒ,මෙතෙක් එම තනතුරේ කටයුතු කළ මොමිනුල් හක් එම තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමඟයි.

මේ අතර බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායමේ උප නායකත්වයේ ලිටන් ඩාස් කටයුතු කරනු ලබනවා.

ශ්‍රී ලංකාව සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය පරාජය වීමත් සමඟ මොමිනුල් හක්ට බංග්ලාදේශ ටෙස්ට් නායකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස එරට ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුම් දුන්නා.

ඒ අනුවයි මොමිනුල් හක් එම තනතුරෙන් ඉල්ලා අස්වීමට පසුගියදා තීරණය කළේ.

මොමිනුල් බංග්ලාදේශය පිලේ නායකත්වය හොබවන සමයේ ටෙස්ට් තරග 17කට සහභාගී වී ඉන් ජයග්‍රහණය කිරීමට ලැබුණේ තරග 03ක් පමණයි.

තවත් තරග 02ක් ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර ඉතිරි තරග 12 පරාජයට පත්වීමට බංග්ලාදේශ කණ්ඩායමට සිදුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?